blogger widgets

Sunday, November 30, 2014

තමන්ගේ Data පෙන් එකේ දාලා ලේසියෙන්ම Lock කරමු.

kathura tech zone සමග එකතු වෙන පාඨක ඔබ සියලු දෙනා සාදරයෙන් පිලිගන්නවා. මේ අපේ ජයග්‍රාහී බ්ලොග් එකේ 31 වෙනි ලිපිය. ඒ වුනාට සම්පූර්ණ ලිපි කියවපු ගනන 10,000 ඉක්මවලා. ඒ ගැන මට තියෙන්නේ නිහිතමානී අඩම්බරයක්. මේ බ්ලොග් එක ගොඩක් කාර්ය්‍යබහුල life එකත් එක්ක කරගෙන යන්නේ ගොඩක් අමාරුවෙන්, මම මේ blog එක කරන්නෙත් කිසිම ලාභ අරමුණකින් නෙමෙයි. මගේ දැනුමෙන් කවුරු හරි දෙයක් ඉගන ගන්නවා නම් ඒක තමයි මගේ සතුට.ඔයාල නොදන්න ඕනම තාක්ශණ ගැටලුවක් ගැන මගෙන් අහන්න. අනිවාර්යෙන් ඔයාලට උදවු කරන්න මම සූදානම්. හරි කතා ඇති අද මාතෘකාවට බහිමුකො.


තමන්ගේ පෙන් එකේ තියෙන data කාගේ හරි අතට පත් උනොත් හරි , data එක්ක පෙන් එක නැති උනොත් පට්ට අවුල් නේ. සාමන‍ය්‍යයෙන් තමන්ගේ PC එකට අපි password දාලා lock කරාට පෙන් එකත් එහෙම lock  කරන්න පුලුවන් කියලා ගොඩක් අය දන්නේ නෑ නේ. ගොඩක් අය හිතන් ඉන්නේ තමන්ගේ computer එකට password එකක් දැම්මම පට්ට safety කියලා, ඒත් ඇත්තම කතාව ඔයා දන්නේවත් නැතුව ඔයාගේ computer එකේ password තියෙද්දිම ඇතුලට යන්න ක්‍රම තියෙනවා. ඒ නිසා computer එකට password දාල තියෙන එකෙන් 100%ක ආරක්ශාවක් අපිට ලබා ගන්න බෑ.

 මේවා අහනකොට කට්ටියට හිතේවි කොහොමද අපේ වැදගත් ෆයිල්, පෞද්ගලික දෙවල් ආරක්ශා කරගන්නේ කියලා. බය වෙන්න එපා ලගදිම ඒ ගැන ලිපියක් ලියන්න කතුරා පොරොන්දු වෙනවා. 

අද දෙන්න යන්නේ සුපිරිම USB lock එකක්. මේක නිසා තවදුරටත්  ඔයාගේ document හොරු අතට පත් වේවිය කියලා බය වෙන්න ඕන නෑ. අනික මේක ගොඩක් පොඩි software එකක්.

 කරන්න තියෙන්නේ  software එක බාගෙන එක ඔයාගේ පෙන් එකට copy කරන්න එක. ඊට පස්සේ පෙන් එකේ තියෙද්දීම double click කරන්න. ඊට පස්සේ password ඉල්ලන තැනට password දීල conferm කරන්න. 
දැන් වැඩේ ගොඩ. ඕන කරන file ටික පෙන් එකට දැම්මා protect කියන එක click කරා. පස්සේ පෙන් එක මොනම computer එකකට plug කරත් password ඉල්ලනවා. ඒ කියන්නේ වැඩේ ගොඩ.  එහෙනම් පහල දීලා තියෙන ලින්ක් එකට ගිහින් කෙලින්ම software එක බාගන්න. 1.3mb ක පොඩි software එකක්.
සුපුරුදු විදියට extract කරන කොට ඉල්ලන password එකට kathura කියලා දෙන්න.
                <<<Download>>>

එහෙනම් මම කැපුනා. තවත් අලුත් ලිපියකින් ලගදිම හමුවෙමු. යනගමන් comment එකකුත් කොටාගෙනම යන්න.


රැදී සිටින්න cyber අවකාශයේ අලුත් දැනුම සොයායන Kathura Tech Zone සමග.

1 comment:

Tricks and Tips