blogger widgets

Wednesday, December 31, 2014

ගින්දර වගේ ලේසියෙන්ම photo එඩිට් කරන්න Ashampoo Photo Optimizer 6 එක crack එකත් එක්කම.

කතුරා Tech Zone සමග එකතු වෙලා ඉන්න යාලුවො ඔක්කොටමත් සියලු ශ්‍රි ලාංකික ජනතාවටත් ලැබුවා වු 2015 අලුත් අවුරුද්ද කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුබම සුබ නව වසරක් වේවා කියලා ඔන්න කතුරා පාර්තනා කරනවා.

ඒ වගේම යාලුවො ඔක්කොටොම උදා වෙන අවුරුද්දේ සුපිරි IT වැඩ්ඩෙක් වෙන්න පුලුවන් වෙන්න කියලා මම සුබ පතනවා. ඒ වගේම IT පැත්තෙන් ඕනම ප්‍රශ්නයක් අවුලක් මගෙන් අහල දැන ගන්න ඔයාලට පුලුවන්. මේ වෙන කොටත් FB එකෙන් ගොඩක් අයට ගැටලු වලට පිලිතුරු දෙනවා. fb නැති කට්ටිය comment වලින් හරි තමන්ට තියෙන ප්‍රශ්න ඉදිරිපත් කරන්න.

කිසිම ලාභ අරමුණකින් තොරව මේ කරන සත් ක්‍රියාව අපේ මීලග පරම්පරාව 21 වන සියවසට ගැලපෙන විදියට IT දැනුමෙන් සන්නද්ද කරන එක. 
හරි ඔන්න අලුත් අවුරුද්දෙ ඔයාලට අලුත් software එකක් අරගෙන තමයි කතුරා ආවේ. ගොඩක් අය ආසයි නේ photo එඩිට් කරන්න. එකට ඉතින් photoshop එහෙම පුලුවන් වෙන්න ඕන කියලා කට්ටිය ගොඩක් හිතනවා.
ඒක ඇත්ත ගොඩක් professional විදියට photo එඩිට් කරන්න photoshop වගේ මෘදුකාංගයක් ඕන වෙනවා. ඒත් සාමන්‍ය විදියට effect ටිකක් දාල photo එඩිට් කරන්න  photoshop  ගැන ලොකු දැනුමක් ඕන වෙන්නෙ නෑ. පොටෝ එඩිට් කරන්න ආස අයට තියෙන අවුලක් තමයි RAM ධාරිතාව අඩු computer වල  photoshop භාවිතා කරන්න ගොඩක් අමාරුයි. අන්න ඔය කියපු අවුල් ඔක්කොටොම විසදුමක් අරගෙන තමයි කතුරා අවේ. 

අද දෙන්න යන්නේ Ashampoo පවුලේ තවත් අලුත්ම software එකක්.  Ashampoo  පවුලේ තියෙන software ගැන අලුතෙන් කියන්න ඕන නෑ. මොක්ද use කරන අය දන්නවා මේ software වල වැඩ ටික. Ashampoo Photo Optimizer  කියන්නේ ලේසියෙන්ම ලස්සන විදියට photo එඩිට් කරන්න තියෙන සුපිරි software එකක්. බලන්නකො පහල දාල තියෙන screen shot ටික.



පට්ටියි නේද?.  අද දෙන්න Ashampoo Photo Optimizer  එක crack එකත් එක්කම. crack කරන්න ඕන විදියත් කියලා දෙන්නම්. 
01. මුලිනම download කරගත්ත file එක extract කර ගන්න.
02. මුලින්ම සමාන්‍ය විදියට Ashampoo Photo Optimizer   විදියට install කරන්න.
03. සම්පුර්නෙන්ම install කරලා ඉවර උනාම windows ඔක්කොම close කරන්න.
04. ඊට පස්සේ crack කියන folder එක ඇතුලේ තියෙන Registration කියන file එක copy කරලා C particion > programe file> ඇතුලේ තියෙන Ashampoo Photo Optimizer  කියන file  එක open කරලා copy කරගත්ත carck එක paste කරගන්න. එන් dialog box එකේ continue කරන්න. 
හරි දැන් වැඩේ ගොඩ. දැන කිසි අවුලක් නැතුව හැමදාටම active වෙලා තියෙන්නේ. 
පහල තියෙන link එකෙන් download කරගන්න. 


                        winrar password : kathura

වැඩේ ගොඩ නම් comment එකකුත් දාලම යන්න. රැදී සිටින්න kathura tech zone සමග.

Sunday, December 14, 2014

තමන්ගේ පෞද්ගලික දේවල් computer එක ඇතුලේ lock කරලා තියන්න my lockbox ෆුල් සෙටප් එක.

කට්ටිය ඔක්කොම Kathura Tech Zone එකට ගොඩක් සාදරයෙන් පිලිගන්නවා. ඔන්න අදත් අපේ තාක්ෂණික blog අඩවියෙන් ඔයාලට දෙන්න යන්නේ තවත් වටිනා software එකක්. ඕනම කෙනෙකුට තමන්ගේ පෞද්ගලික දෙවල්  තියෙනවා නේ. ඒ වගේම වටිනා document එහෙමත් තියෙනවා. 
මේවා වෙන කෙනෙක් අතට පත් වුනොත් ලොකු අමාරුවක තමයි වැටෙන්නේ. මෙහෙම කියන කොට කට්ටිය කියයි "අයියෝ අපිට බය වෙන්න දෙයක් නෑ අපි කොම්පියුටර් එකට හොද password එකක් දාලා තියෙන්නේ කියලා." ඒත් දන්නවද ඔයාගේ computer එකට කොච්චර ශක්තිමත් password එකක් දාලා තිබුනත් password එක තියෙද්දිම computer එක ඇතුලට රිංගන එක පොඩි දෙයක්.
ඔයාලට හිතා ගන්න බැරි තරම් ඉක්මනින් තාක්ෂණය වෙනස් වෙනවා. එත් එක්කම පරිගනක අපරාදාකාරයෝ ගොඩක් ඉක්මනින් වැඩි වෙනවා. 
මෙහෙම කියන කොට තවත් අය කියයි අපේ file නම් අපි hidden කරලා තියෙන්නේ කියලා. ඒත් ඔයි hidden කරපු ෆයිල් ඔක්කොම එක පාර එලියට ඇදලා ගන්න ක්‍රම ඕන තරම් තියෙනවා.

හරි දැන ඔයාලට හිතෙනවා ඇති ඔයාගේ computer එක ඒකේ data කොච්චර අනාරක්ෂිතද කියලා. ඇත්තම කිව්වොත් ඔයාලට හිතාගන්නවත් බැරි තරමට computer එක අනාරක්ශිතයි.
ඔන්න අද දෙන්න යන්නේ මේ අනාරක්ශිත බවට පොඩි විසදුමක්. මේකේ නම තමයි my lockbox.
 සමහර අය නම් මේක ගැන දන්නවා ඇති. මේ software එකෙන් තමන්ගේ පෞද්ගලික දත්ත වලට ලොකු ආරක්ශාවක් ලැබෙනවා. ඒ වගේම මේකෙන් lock කරාම lock කරාද කියලවත් හොයාගන්න බැරි වෙන්නම hidden වෙලා යනවා. lock කරන්න දුන්න password එක මතක නම් විතරක් file එක open කරගන්න පුලුවන්.
 අනික තමයි my lockbox එකේ password නොදන්න කෙනෙකුට මේ software එක අයින් කරන්නත් බෑ. control panel එකෙන් අයින් කරන කොට  passowrd එක ඉල්ලනව. ඒ වගේම මේ software එක install කරන කොට email එකක් ඉල්ලුවොත් එතනට mail එක දෙන එක ඇගට ගුනයි. මොකද වැරදිලාවත් password අමතක වුනොත් email ගොඩ දාගන්න පුලුවන්. 
හරි එහෙනම් පහල link එකෙන් ගිහින් කෙලින්ම බාගන්න.


                winrar password - kathura

වැඩේ ගොඩ නම් comment එකකුත් කොටාගෙනම යන්න. රැදී සිටින්න cyber අවකාශයේ අලුත් දැනුම  සොයා යන kathura tech zone සමග

Monday, December 8, 2014

windows 8 තියෙන computer එක android KitKat කරමු.

කට්ටියම kathura tech zone එකට ගොඩක් සාදරයෙන් පිලිගන්නවා. ඔන්න අදත් පොඩි  ගැජට් කෑල්ලක් අරගෙන තමයි මම ආවේ.
 මේ වෙනකොට android කියන එක ගොඩක් ජනප්‍රියයි නේ. ඒත් ගොඩක් අය හරියටම දන්නේ නෑ මේ android ගැන. android කියන්නේ OS එකක්. ඔයාලට තේරෙන භාෂාවෙන් කියනවා නම් මෙහෙයුම් පද්ධතියක්. මේ වෙන කොට ඇවිල්ලා තියෙන අලුත්ම android OS එක තමයි Jelly Bean මෙහෙයුම් පද්ධතිය. 


හරි ඔන්න අද දෙන්න යන්නේ ඇන්ඩ්‍රොයිඩ් කිට් කැට් මෘදුකාංගයේ theme එක. මේක PC එකට දාගත්තා කියන්නේ PC එක තනිකරම Android වගේ තමයි. 



හරි එහෙනම් පහල link එකෙන් ගිහින් කෙලින්ම software එක බාගන්න.
<<<Download>>>
Zip ෆයිල් එක extract කරන කොට ඉල්ලන password එකට kathura කියලා දෙන්න. 
හරි එහෙනම් වැඩේ ගොඩ දාගත්තා නම් comment එකකුත් දාගෙනම යන්න, එහෙනම් අදට මම කැපුනා. රැදී සිටින්න සයිබර් අවකාශයේ අලුත් දැනුම සොයායන පරිගනක තක්ශලාව kathura tech zone සමග

Sunday, December 7, 2014

ඇන්ඩ්‍රොයිඩ් phone එකේ sms,contact සුපිරියට backup කරගමු

හරි ඔන්න අද පොඩ්ඩක් computer පැත්තෙන් අයින් වෙලා android වලට ලිපියක් දාන්න හිතුවා. මේ වෙනකොට ගොඩක් අය android භාවිතා කරනව නේ. ඒ අයට මේ ලිපිය ගොඩක් වැදගත් වෙයි. 


තමන්ගේ phone එක හරි sim එක හරි නැති උනොත් ඔක්කොම contact nombers ටිකයි sms ටිකයි නැති වෙනවා නේ. අපි contact ටික chip එකට backup කරත් කොයි වෙලේ ඒ ටිකත් නැති වෙයිද දන්නේ නෑ. ඉතින් ඔන්න අද දෙන්න යන android app එකෙන් මේ අවුලට හොද විසදුමක්. 
මේකෙන් අවශ‍ය්ය නම් තමන්ගේ chip එකට backup කරන්නත් පුලුවන්. එහෙම නැත්තම් හැමදාටම සුරක්ශිත වෙන විදියට අන්තර්ජාලයේ backup කරගන්න පුලුවන්. මේ apps එකෙන් contact,sms,bookmark වගේ ගොඩක් ඒවා backup කරගන්න පුලුවන්. මේකේ නම තමයි super backup.

ඔන්න එහෙනම් play store එකෙන් ගන්න ඕන අය පහල ලින්ක් එකෙන් යන්න.
play store 
සම්පූර්ණ APK ෆයිල් එක ඕන අයට ඔන්න සම්පූර්ණ ෆයිල් එක download කරගන්න පහල link එකට යන්න. ඔන්න කට්ටියගේ පහසුවට ෆයිල් එක ZIP කරෙත් නැ.
                                    
<<<Download>>>

ඔන්න එහෙනම් මම යනවා. ලිපිය වැද්ගත් උනා නම් comment එකකුත් කොටාගෙනම යන්න.

Sunday, November 30, 2014

තමන්ගේ Data පෙන් එකේ දාලා ලේසියෙන්ම Lock කරමු.

kathura tech zone සමග එකතු වෙන පාඨක ඔබ සියලු දෙනා සාදරයෙන් පිලිගන්නවා. මේ අපේ ජයග්‍රාහී බ්ලොග් එකේ 31 වෙනි ලිපිය. ඒ වුනාට සම්පූර්ණ ලිපි කියවපු ගනන 10,000 ඉක්මවලා. ඒ ගැන මට තියෙන්නේ නිහිතමානී අඩම්බරයක්. මේ බ්ලොග් එක ගොඩක් කාර්ය්‍යබහුල life එකත් එක්ක කරගෙන යන්නේ ගොඩක් අමාරුවෙන්, මම මේ blog එක කරන්නෙත් කිසිම ලාභ අරමුණකින් නෙමෙයි. මගේ දැනුමෙන් කවුරු හරි දෙයක් ඉගන ගන්නවා නම් ඒක තමයි මගේ සතුට.ඔයාල නොදන්න ඕනම තාක්ශණ ගැටලුවක් ගැන මගෙන් අහන්න. අනිවාර්යෙන් ඔයාලට උදවු කරන්න මම සූදානම්. හරි කතා ඇති අද මාතෘකාවට බහිමුකො.


තමන්ගේ පෙන් එකේ තියෙන data කාගේ හරි අතට පත් උනොත් හරි , data එක්ක පෙන් එක නැති උනොත් පට්ට අවුල් නේ. සාමන‍ය්‍යයෙන් තමන්ගේ PC එකට අපි password දාලා lock කරාට පෙන් එකත් එහෙම lock  කරන්න පුලුවන් කියලා ගොඩක් අය දන්නේ නෑ නේ. ගොඩක් අය හිතන් ඉන්නේ තමන්ගේ computer එකට password එකක් දැම්මම පට්ට safety කියලා, ඒත් ඇත්තම කතාව ඔයා දන්නේවත් නැතුව ඔයාගේ computer එකේ password තියෙද්දිම ඇතුලට යන්න ක්‍රම තියෙනවා. ඒ නිසා computer එකට password දාල තියෙන එකෙන් 100%ක ආරක්ශාවක් අපිට ලබා ගන්න බෑ.

 මේවා අහනකොට කට්ටියට හිතේවි කොහොමද අපේ වැදගත් ෆයිල්, පෞද්ගලික දෙවල් ආරක්ශා කරගන්නේ කියලා. බය වෙන්න එපා ලගදිම ඒ ගැන ලිපියක් ලියන්න කතුරා පොරොන්දු වෙනවා. 

අද දෙන්න යන්නේ සුපිරිම USB lock එකක්. මේක නිසා තවදුරටත්  ඔයාගේ document හොරු අතට පත් වේවිය කියලා බය වෙන්න ඕන නෑ. අනික මේක ගොඩක් පොඩි software එකක්.

 කරන්න තියෙන්නේ  software එක බාගෙන එක ඔයාගේ පෙන් එකට copy කරන්න එක. ඊට පස්සේ පෙන් එකේ තියෙද්දීම double click කරන්න. ඊට පස්සේ password ඉල්ලන තැනට password දීල conferm කරන්න. 
දැන් වැඩේ ගොඩ. ඕන කරන file ටික පෙන් එකට දැම්මා protect කියන එක click කරා. පස්සේ පෙන් එක මොනම computer එකකට plug කරත් password ඉල්ලනවා. ඒ කියන්නේ වැඩේ ගොඩ.  එහෙනම් පහල දීලා තියෙන ලින්ක් එකට ගිහින් කෙලින්ම software එක බාගන්න. 1.3mb ක පොඩි software එකක්.
සුපුරුදු විදියට extract කරන කොට ඉල්ලන password එකට kathura කියලා දෙන්න.
                <<<Download>>>

එහෙනම් මම කැපුනා. තවත් අලුත් ලිපියකින් ලගදිම හමුවෙමු. යනගමන් comment එකකුත් කොටාගෙනම යන්න.


රැදී සිටින්න cyber අවකාශයේ අලුත් දැනුම සොයායන Kathura Tech Zone සමග.

Friday, November 28, 2014

අවුල් ගිහිපු Hard එක ලේසියෙන්ම ගොඩ දාගන්න Ashampoo HDD control (with key)

හරි ඔන්න තවත් අලුත්ම software එකක් අරගෙන තමයි කතුරා ආවේ. කොහොමත් හැමදාම අලුත්, වැදගත් ලිපි තමයි kathura tech zone එකෙන් අපි ඔයාලට ගේන්නේ. 


ලැප්ටොප් හරි ඩෙස්ක්ටොප් හරි පාවිච්චි කරන ඕනම කෙනෙක්ට එන අවුලකට විසදුමක් තමයි අද අරගෙන ආවේ. තමන්ගේ කොම්පියුටර් එකේ තියෙන Hard Drive එක ගැන ඕනම කෙනෙකුට පොඩි හරි වැටහීමක් ඇති නේ. තමන්ගේ තියෙන ඕනම document එකක් delete කරන කම් මේකේ රැදිලා තියෙනවා. ඇත්තම කිව්වොත් delete කරයින් පස්සෙත් Hard එකේ මේ දත්ත සමහරක් රැදිලා තියෙනවා. computer hardware ගැන දැනුමක් තියෙන අය නම් මේ Hard Drive එකේ ඇතුලත    ක්‍රියාකාරිත්වය ගැන දන්නවා. සරලවම ගත්තොත් ඉතා සියුම් තැටියක් තමයි මේ Hard එක තුල අන්තර් ගත වෙන්නේ. ඒ තැටියේ තිබෙන දත්ත ඉතා සියුම් කටුවකින් කියවීම තමයි වෙන්නේ. මේක hard drive එකේ ඉතා සරල ක්‍රියාකාරිත්වය විතරයි. 
පාවිච්චි කරන කොම්පියුටර් එක ගැන ටික ටික හරි දැනගෙන ඉන්න ඕන නිසයි කිව්වේ.
සමාන්යෙන් ගොඩක් කල් computer එකක් use කරන කොට වැඩිවාර ගණනක් computer එක format කරාම , virus වල ක්‍රියාකාරිතවය , computer එක use කරන විදිය අනුව hard එකේ එක එක අවුල් වෙන එක සාමාන්‍ය දෙයක්. තමන්ගේ පරිගනකයේ නිර්මාණය වෙන ගොඩක් අර්බුද වලට ප්‍රධාන හේතුවක් තමයි  මේ hard එකේ අවුල.
 සාමන්‍ය්යෙන් hard drive එකේ ඇතිවෙන ප්‍රධාන අවුලක් තමයි Bad Sector නිර්මාණය වීම. hardware දැනුමක් නැති අයට නම් මේක තෙරෙන්නේ නැතුව ඇති.   Bad Sector  තුලදි අපේ කොම්පියුටෙර් hard drive එක තුල නැවත භාවිතා කල නොහැකි ප්‍රදේශ නිර්මාණය වෙනවා. තමන්ගේ  කොම්පියුටෙර් hard drive එක තුල මෙවෙනි Bad Sector නිර්මාණය වීම නිසා දත්ත විනාශ වීම වගේම පරිගනකයේ විවිධ දොෂයන් ඇති වෙනවා. ඉතින් මේ වගේ hard drive එකේ ඇති වෙන අවුල් වලට ලේසියෙන්ම ප්‍රතිකාර කරන්න පුලුවන් software එකක් තමයි Ashampoo HDD  කියන්නේ. 

අද දෙන්න යන්නේ Ashampoo HDD software  එකේ සම්පූර්ණ version එක key එකත් එක්කම. මේක සමාන්‍ය software එකක් install කරන විදියටම install කරන්න තියෙන්නේ. ඊට පස්සේ තමන්ගේ පරිගනකයේ hard drive එක තුල තියෙන අවුල් ඔක්කොම හොයලා ඒවට ප්‍රතිකාර කරන්න පුලුවන්. තමන්ගේ hard drive එකේ දැනට අවුලක් නැති උනත් මේ software  එක install කරලා තියාගන්න එක ඇගට ගුනයි.
එහෙනම් පහල දීල තියෙන link එකෙන් ගිහින් කෙලින්ම software  එක බාගන්න. සුපුරුදු විදියට ZIP ෆයිල් එක extract කරන කොට ඉල්ලන password එකට kathura කියලා දෙන්න.

<<<Download>>>

එහෙනම් තවත් ලිපියකින් හමුවෙන තුරු කතුරා සමුගන්නවා. ලිපිය වැදගත් උනා නම් comment එකකුත් කොටාගෙනම යන්න. රැදී සිටින්න වෙනස් වෙන සයිබර් ලෝකේ අලුත් දැනුම සොයායන kathura tech zone සමග

Sunday, November 16, 2014

Music වලින් ලේසියෙන්ම වැඩ දාන්න ashampoo music studio full


ඔක්කොම යාලුවො සාදරයෙන් kathura tech zone එකට පිලිගන්නවා. අලුත් අලුත් වැඩ කිඩ දෙන අපේ බ්ලොග් එකෙන් ඔන්න අදත් යාලුවන්ට අලුත්ම දෙයක් දෙන්න තමයි කතුරා සුදානම් වෙන්නේ.

ashampoo පවුලේ software use කරන අය දන්නව නේ ඒ වගේ වැඩ. අද දෙන්න යන්නේ ashampoo music studio  එක. මේකෙන් ලේසියෙන්ම music creat  කරන්න edit කරන්න වගේම තව වැඩ ගොඩක් කරන්න පුලුවන්. 


මේක බාගෙනම බලන්නකො මේකේ තියෙන වැඩ කෑලි ටික. හරි ඔන්න එහෙනම් කෙලින්ම දීල තියෙන link එකෙන් ගිහින් software එක බාගන්න.
<<<Download>>>
Zip ෆයිල් එක extract කරන කොට ඉල්ලන password එකට kathura කියලා දෙන්න. 
හරි එහෙනම් වැඩේ ගොඩ දාගත්තා නම් comment එකකුත් දාගෙනම යන්න, එහෙනම් අදට මම කැපුනා. රැදී සිටින්න සයිබර් අවකාශයේ අලුත් දැනුම සොයායන පරිගනක තක්ශලාව kathura tech zone සමග.

Skype එකේ අලුත් version එක full setup එක්කම

කට්ටියටම ආයුබොවන් කියන ගමන් තවත් ලිපියක් අරගෙන තමයි කතුරා අවේ. 
ගොඩක් දෙනෙක් මේ වෙනකොට skype ගොඩක් අය use කරන මෘදුකාංගයක් නේ. ඒත් මෑතක දී skype use කරපු ගොඩක් අය මූණ දීපු අවුලක් තමයි තමන්ගේ skype account එකෙන් log වෙන වෙලාවේ user name,password වැරදි කියන එක.
කට්ටිය ඉතින් මේකට අලුත් user name,password හදන්න ගිහින් ලොකු අමාරුවක වැටුනා. මෙහෙම user name,password වැරදි කියන්න හේතුව skype පරණ version එක. මේකට එකම විකල්පය අලුත් skype version  එකට මාරු වෙන එක. ඉතින් අද දෙන්න යන්නේ අලුත්ම skype version එකේ full offline setup එක. 


හරි එහෙනම් පහල ලින්ක් එකෙන් ගිහින් skype ෆුල් සෙටප් එක බාගන්න.

            <<<Download>>>
 සුපුරුදු විදියට extract කරන කොට ඉල්ලන password එකට kathura කියලා දෙන්න.
එහෙනම් යමින් ගමන් comment එකකුත් දාගෙන යන්න. 

රැදී සිටින්න cyber අවකාශයේ අලුත් දැනුම සොයායන Kathura Tech Zone සමග

Android Apps කොම් එකේ run කරන්න, Bluestacks HD app player එක. (full setup)

කට්ටියටම අයුබොවන් කියලා kathura tech zone එකට පිලිගන්නවා. ටික දවසකින් අලුත් ලිපියක් ලියන්න බැරි උන එකට සොරි වෙන්න ඕන. පහුගිය ටිකේ ගොඩක් busy වෙලා හිටිය නිසා අලුත් ලිපියක් දෙන්න බැරි උනා. 

හරි පහුගිය දෙවල් අමතක කරලා දාමු, ඔන්න අද kathura tech zone එකෙන් ඔයාලට දෙන්න යන්නේ තවත් සුපිරි software එකක්. මේ වෙන කොට ගොඩක් අය android phone භාවිතා කරනවා නේ. ඒ වගේම මේ වෙනකොට සුපිරි android apps ගොඩක් තියෙනවා නේ. 
android phones තියෙන අයට නම් ඉතින් android apps  භාවිතා කරන්න පුලුවන්. play store එකේ තියෙන  android apps  ටික දැක්කම ඉතින් තනි ඇහැට ඇඩෙනවා, ගොඩක් අය නොදන්නවා උනාට ඔය play store එකේ තියෙන apps ඔක්කොම වගේ PC එකේ use කරන්න පුලුවන්.
 ඒ කියන්නේ android games පවා ලේසියෙන්ම play කරන්න පුලුවන්. පට්ටයි නේ. ඒ වගේම android apps PC එකේ run කරන්න මහ ලොකු softwares ගොඩක් ඕන නෑ. ඕන මෙන්න මේ දෙන්න යන software එක විතරයි. 

කරන්න තියෙන්නේ මේ දීලා තියෙන Bluestacks HD app player එක බාගෙන සාමාන්‍ය විදියට install කරන එක. ඊට පස්සේ android APK ෆයිල් එක double click කරන එක. එතකොට අදාල android apps  එක Bluestacks HD app එකට add වෙනවා. ඊට පස්සේ ඉතින් phone එකේ වගේ run කරන්න තියෙන්නේ.

හරි එහෙනම් පහල link එකෙන් ගිහින් කෙලින්ම software එක බාගන්න.
<<<Download>>>
Zip ෆයිල් එක extract කරන කොට ඉල්ලන password එකට kathura කියලා දෙන්න. 
හරි එහෙනම් වැඩේ ගොඩ දාගත්තා නම් comment එකකුත් දාගෙනම යන්න, 
එහෙනම් අදට මම කැපුනා. රැදී සිටින්න සයිබර් අවකාශයේ අලුත් දැනුම සොයායන පරිගනක තක්ශලාව kathura tech zone සමග.

Wednesday, October 29, 2014

පරිගනකය ලෙඩ නොවී තියාගන්න Wise Care 365 Pro 2.88.232 එක අරගන්න.

කට්ටියටම ආයුබොවන් කියන ගමන් තවත් අලුත් ලිපියකින් අලුත් දෙයක් අරගෙන තමයි කතුරා ආවේ. මේ වෙන කොට අපේ තාක්ශණික අඩවිය ගොඩක් ජනප්‍රියයි. ඒ ජනප්‍රියත්වයට ප්‍රදාන හේතුව පාඨක ඔයාලා තමයි. ගොඩක් බාධක මැද ආපු මේ ගමන ගැන අද ගොඩක් සතුටුයි. මේ වෙනකොට විවිද blog වලින් ලිපි ලියන්න කියලා කතුරට ආරාධනා එනවා. වෙලාව තියෙන විදියට පාඨක ඔබට උපරිම උදව්වක් කිරීම තමයි කතුරගේ අරමුණ.

හරි එහෙනම් අද මාතෘකාවට බහිමුකො. පරිගනක භාවිතා කරන ගොඩක් යාලුවන්ට තියෙන අවුලක් තමයි format කරලා ටික දවසකින් com එක පට්ට විදියට slow වෙන එක. මේ වෙලාවට ඉතින් කොම්පීතරේ පොලවේ ගහන්න හිතෙනවා. slow වෙන පරිගනකය නිට්ටවට සුව කරන විදිය ගැන ලිපි මාලවක් අපි ගෙනාවා නේ. ඒ ලිපි බලපු නැති උදවිය මෙතනින් ගිහින් ලිපි බලලා ඉන්නකො.
අද දෙන්න යන මේ wise care මෘදුකාංගයෙන් පරිගනකයේ තියෙන ඇතිවෙන ලෙඩ ගොඩකට ප්‍රතිකාර දෙන්න පුලුවන්.

 ඒ වගේම පරිගනකයේ නැති වුන performance එක නැවත ලබාගන්න පුලුවන්. ඒ විතරක් නෙමෙයි මේ software එකෙන් පට්ට වැඩගොඩක් කරගන්නත් පුලුවන්.

පහල තියෙන්නේ මේ මෘදුකාංගයෙන් කරගන්න පුලුවන් වැඩටික.
Defrag, clean and optimize your PC registry
Hard disk derangement
Remove all of your privacy
Recover deleted files
Hide files and folders
Prevent from using your PC programs
Automatic PC shutdown
One Click Tune-up ability


මෙච්චර වැඩ ගොඩක් කරගන්න මේ මෘදුකාංගය 20mb වගේ පොඩි ගානක් තියෙන්නේ.
පහල link එකෙන් ගිහින් software එක බාගන්න. සුපුරුදු විදියට extract කරන කොට ඉල්ලන password එකට kathura කියලා දෙන්න.

                          <<<Download>>>

එහෙනම් මම කැපුනා. වැඩෙගොඩ දාගත්තා නම් comment එකකුත් කොටා ගෙනම යන්න.


රැදී සිටින්න සයිබර් අවකාශයේ අලුත් දැනුම සොයායන පරිගනක තක්ශලාව, Kathura Tech Zone එක සමග
.

ඔක්කොම Adobe softwares එක පාරින් ගේමක් නැතුව active කරගන්න.

කට්ටියටම ආයුබොවන් කියන ගමන් kathura tech zone එකෙන් තවත් අලුත් ලිපියක් අරගෙන තවත් වැදගත් දෙයක් ගැන කියලා දෙන්න තමයි කතුරා ආවේ. මීට කලින් අපේ blog එකෙන් සියලුම microsoft product එක පාරින් active කරන්න tool kit එකක් දුන්නා නේ. ඒක ගොඩක් අයට වැදගත් වෙන්න ඇති කියලා හිතුවා. මොකද ඒ ලිපියට ගොඩක් ප්‍රතිචාර හම්බවුනා.  microsoft product එක පාරින් active කරන්න tool kit ගැන ලිපිය කියවපු නැති කට්ටිය මෙතනින් ගිහින් ඒ ලිපිය කියවලා tool kit එක බාගන්නකො,

හරි අද දෙන්න යන්නේ තවත් වැදගත් activater එකක්. මේ වෙන කොට ගොඩක් අය Adobe  සමාගම විසින් නිර්මාණය කරන software භාවිතා කරනවා නේ..

 ඒ අතරින් ගොඩක් අය දන්නෙ adobe photoshop ගැන විතරයි. ඒත් තව ගොඩක් ජනප්‍රිය මෘදුකාංග Adobe  සමාගම නිර්මාණය කරලා තියෙනවා. ඒ අතරින් adobe after effect,dream wiever ,premier pro,flash ඒ අතරින් කිහිපයක්.
 adobe softwares  use කරන කට්ටිය මේවගේ තියෙන වටිනාකම දන්නවා ඇති නේ. adobe සමගාමේ software වල විශේෂත්වයක් තමයි මේ මෘදුකාංග මිලෙන් ඉතා අධික වීම. 
photoshop වගේ software එකක් මිලදී ගන්නවා නම් ඉතා විශාල මුදලක් වැය වෙනවා. මේ මුදල අපිට කොහොමවත් දරන්න බෑ. එහෙනම් කොහොමද අපි adobe සමගාමේ software භාවිතා කරන්නේ.
අන්න ඒ ප්‍රශ්නයට විසදුමක් තමයි කතුරා අද අරගෙන ආවේ, අද දෙන්න යන්නේ adobe universal patch එක. adobe සමගාමේ software වලට එක එක crack තියෙනවා. නමුත් මේවයින් වැඩකරන එවා තියෙන්නේ කලාතුරකින්, සමහර අයට මේ crack භාවිතා කිරීම ගැන දැනුමක් නෑ. ඒ වගේම crack භාවිතා කිරීම ආරක්ශාවට සුදුසු නෑ. ඒ බව කලින් ලිපියකිනුත් මම කිව්වා නේ. අද දෙන්න යන  adobe universal patch එක භාවිතා කිරීම හරිම ලේසියි. සමාන‍ය්‍ය software එකක් run කරනවා වගේ run කරන්න තියෙන්නේ. මේකෙන් එක පාර adobe softwares ගොඩක් active  කරගන්න පුලුවන්. adobe softwares වල CS4 සංස්කරණයේ ඉදලා adobe CC දක්වා සියලුම version මෙම ගින් active කරගන්න පුලුවන්. ඔන්න ඔයාලගේ පහසුවට screen print 2ක් දැම්මා.



හරි එහෙනම් patch එක බාගෙන ලස්සනට වැඩේ ගොඩ දාගන්න. පහල link එකෙන් ගිහින් patch එක බාගන්න. සුපුරුදු විදියට extract කරන කොට ඉල්ලන password එකට kathura කියලා දෙන්න.

                               <<<Download>>>

එහෙනම් මම කැපුනා. වැඩෙගොඩ දාගත්තා නම් comment එකකුත් කොටා ගෙනම යන්න.


රැදී සිටින්න සයිබර් අවකාශයේ අලුත් දැනුම සොයායන පරිගනක තක්ශලාව, Kathura Tech Zone එක සමග.

Tricks and Tips