blogger widgets

Thursday, August 6, 2015

pen එකෙන් ගේමක් නැතුව windows ගහමු.

අපගේ තාක්ෂණ බ්ලොග් අඩවිය සමග එකතු වෙලා ඉන්න යාලුවෝ ඔක්කොම අපගේ බ්ලොග් අඩවියට සාදරයෙන් පිලිගන්නවා. ඔන්න අදත් වටිනා ලිපියක් අරගෙන තමයි කතුරා ආවේ.

pen එකෙන් os එකක් ස්ථාපනය කරන එක ගැන සමහර යාලුවෝ නම් මේ වෙනකොට දැනුවත්ව ඇති. මේ ලිපිය දෙන්නේ නොදන්න අයට. ඒ වගේම දන්නවා කියලා හිතන් ඉන්න අයටත් ගැටලු කිහිපයක් නැති කරගන්න මේ ලිපිය වැදගත් වේවි. හරි , pen එකකින් windows ගහන්න ඕන ඇයි කියලා සමහර යාලුවෝ හිතනවා ඇති. සමහරක් විට පරිගණකයේ cd/dvd rom එක වැඩ කරන්නේ නැතුව තියෙන අවස්තා තියෙනවා. ඒ වෙලාවට ඉතින් හැමෝටම externel rom නෑ නේ. ඉතින් ඒ වෙලාවට පිහිටට තියෙන එකම දේ තමයි pen එක. ඒ වගේම සමහරක් අයට windows file(iso) තිබුනත් bootable ඩිවීඩී එකක් නතුව ඇති. ඒ වෙලාවටත් පිහිටට ඉන්නේ මෙන්න මේ pen කතන්දරය තමයි. 

pen එකෙන් os ස්ථාපනය කරන්න මේ වෙන කොට විවිධ softwares නිර්මාණය වෙලා තියෙනවා. ඒ අතරින් මම දැකපු සාර්ථකම software එක තමයි win to flash.  pen එකෙන් windows ගහපු අය සමහර වෙලාවට මුහුණ දෙන එක ගැටලුවක් තමයි මේ ක්‍රමය හැමවෙලාවෙම සාර්ථක නොවීම. ඒක ඉතින් තමන්ගේ ගැටලුවක්. මට නම් මෙච්චර කාලයකට කිසිම ගැටලුවක් ඇවිල්ල නෑ. 100%ක් සාර්ථකයි. ඒ වගේම මේ ක්‍රමය ගොඩක් ඉක්මන්. ඒ කියන්නේ windows 8 වදිනවා විනාඩි 10 කින් විතර. ඉතින් වෘතීමය විදියට වැඩ කරන අයට මේ software එක ගොඩක් වැදගත්. 
මේක චුට්ටක් සංකීර්ණයි. ඒ නිසා ඔන්න step ඔක්කොම මම කියලා දෙන්නම්. මුලින්ම පහල link එකෙන් software එක බාගන්න. 

winrar password : kathura

හරි මුලින්ම software එක බාගෙන winrar වලින් extract කරගන්න පාස්වර්ඩ් එක දීලා. 
දැන් ඉතින් වැඩේට ගැලපෙන pen එකක් තෝරගන්න ඕන. ඒකට ඉතින් 4GB හරි ඊට වඩා වැඩි capacity එකක් තියෙන pen එකක් වෙන්න ඕන. ඒ windows 8 ගහනවා නම් අනිවා පෙන් එක 8GB වෙන්න ඕන. හරි එහෙනම් පෙන් එකක් තෝරගන්න ඇති කියලා හිතනවා. ඊලගට පෙන් එකේ ඕන කරන document තියෙනවා නම් backup කරගන්න. මොකද මුලින්ම පෙන් එක format කරන නිසා. දැන් පෙන් එක right click කරලා format යන්න. ඊලගට එන window එකේ file system කියන එකෙන් ntfs කියන format එක තොරලා start දෙන්න. දැන් පෙන් එක NTFS විදියට format වෙයි. 

හරි ඊලගට මම දීපු software ෆයිල් එක open කරගන්න. ඒකේ යටම ඇති win to flash කියලා icon එකක්. ඒ double click කරන්න. හරි දැන් සාමන්‍ය software එකක් වගේ install වෙයි. එන licen agriment වලටත් yes දීල ඉස්සරහට යන්න. ඊට පස්සෙ windows setup transfer wizard කියලා එකක් ඒවි. ඒකේ හරි ලකුන උඩ click කරලා ඉස්සරහට යන්න. හරි දැන් basic parameters කියලා window එකක් ඒවි. එකේ windows file path කියන එකේ use my iso,rar....... කියන එකටත් ටික් එකක් දාන්න. දැන් windows file path එකෙන් ගිහින් ඔයාගේ windows file එක තොරන්න. ඒ ISO, rar , DMG වගේ format  එකක් වෙන්න ඕන. එහෙම format එකක් නැත්තම් deamon tool, power ISO ඔය මොකක් හරි use කරලා image ෆයිල් එකක් හදාගන්න.  ඒ වගෙම windows dvd එකක් තියේනම් ඒක තෝරල දෙන්නත් පුලුවන්. සමහර විට error message එකක් ආවොත් dvd එකෙන් ඒ ෆයිල් copy කරලා ISO කරගන්න.

දැන් ඔය USB drive කියන තැනටත් pen එක තෝරලා next  දෙන්න. දැන් පෙන් එක boot වෙන්න පටන් ගන්නවා. මේකට ටිකක් වෙලා යයි. ඊලගට successfull කියලා වැටුනම පෙන් එක remove කරන්න. boot වුනාද කියලා ෂුවර් නැත්තම් ආපහු පෙන් එක ගහලා බලන්න පෙන් එකේ icon එක windows icon එකෙන් පෙන්නාවි. 
දැන් පෙන් එක format කරන්න ඕන machine එකට ගහලා restart කරලා boot මෙනු එකෙන් පෙන් එක තෝරලා දෙන්න. පට පට ගාලා windows වදීවී.
වැඩේ ගොඩ දාගත්තම සාමන්‍ය විදියට පෙන් එක format කරගන්න. එහෙනම් සාර්ථකව ගොඩදාගන්න අති කියලා හිතනවා. අවුලක් ආවොත් comment එකකින් හරි fb එකට message එකක් හරි දාලා අහන්න. ඕන වෙලාවක උදවු කරන්න කතුරා රෙඩි. 
එහෙනම් ඔන්න අදට මම යනවා. තවත් අලුත් ලිපියකින් ආපහු හම්බවෙමු. රැදී සිටින්න සයිබර් අවකාශයේ අලුත් දැනුම සොයායන Kathura Tech Zone සමග. 

No comments:

Post a Comment

Tricks and Tips