blogger widgets

Monday, February 16, 2015

ඔබගේ ෆේස්බුක් ගිණුම ආරක්ෂා කරගැනීමට ඔබ විසින් කියවිය යුතුම ලිපියක්.

මෙම ලිපිය ලිවීම සදහා මා පෙළබුනේ face book තුල පසුගිය දින කිහිපය තුල මාගේ මිතුරු මිතුරියන් පිරිසකට සිදුවූ අනපේක්ෂිත සිදුවීම් මාලාවක් සේම කාලයක් තිස්සේ face book තුලින් විවිධ පුද්ගලයන් විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් ගණනාවක් සලකා ගෙනය. face book තුල මේ වන විට තාක්ෂණික ප්‍රශ්ණ ගණනාවක් මා වෙත යොමු කරන අතර එසේ යොමු කරන සියලුම ප්‍රශ්ණ වලට පිලිතුරු ලබාදීමට මා එදා අද මෙන්ම හෙටද සැදී පැහැදී සිටිනවා. මෙහිදී සමහරු ඉදිරිපත් කරන ප්‍රශ්ණ හාස්‍යජනක වුවද ඔවුන්ගේ තොරතුරු තාක්ශණ දැනුම හා සසදා බලන විට එය සාමාන්‍ය බව මට හැගී ගියේය. සමහරු "අනේ මගේ face book accountඑක හැක් කරලා මම මොකද්ද කරන්නෙ" කියලා අහනවා. තවත් සමහරු face book account එකක link එකක් එවලා හැක් කරදෙන මෙන් ඉල්ල සිටිනවා. 

මෙහිදී පැහැදිලිවම කිවයුතු කාරණා කිහිපයක් ඇත. face book යනු ලොව දැනට පවතින විශාලතම සාමාජික පිරිසක් සහිත විශාලතම සමාජ වෙබ් අඩවියයි. ඔබ නොදන්නවා වෙනුවට face book සදහා ලැබෙන ඩොලර් බිලියන ගණනක ආදායමෙන් ඔවුන් වැඩිම මුදලක් යොදවන්නේ face book වල ආරාක්ෂාව සදහාය. එසේම face book තුල ආරක්ෂාව සම්බන්ධයෙන් සේවය කරන්නේ ලොව එදා මෙදා තුර බිහිවූ අති දක්ෂම හැකර් වරුන්ගෙන් සමන්විත කාර්ය මණ්ඩලයකි. එසේම face book database ඉතා ශක්තිමත්ව නිර්මාණය කර තිබෙයි. එබදු වටපිටාවක් තුල face book හැක් කිරීම යනු ඉතා අසීරු කාර්යකි. නමුදු මීට වසර 2-3 කට පෙර face book හැක් කිරීම එතරම් අසීරු නොවුණි. ඔබට මෙහිදී ගැටලුවක් මතු වනු ඇත. ඒ "face book හැක් වී ඇත" යනුවෙන් පසුගිය දින කිහිපය තුල පලවූ ප්‍රවෘත්ති කිහිපයයි. කෙතරම් ආරක්ෂාව සහිතව නිර්මාණය කර තිබුනද face book හැක් කිරීමට යම් යම් ක්‍රම තිබෙයි. නමුත් face book හැක් කිරීමට තිබෙන ක්‍රම අතුරින් 99%ක්ම ක්‍රම අසාර්ථකය. මෙම ලිපිය ලියන මාද face book හැක් කිරීම සම්බන්ධයෙන් විවිද ක්ෂේත්‍රයන් ඔස්සේ අධ්‍යයනයන් සිදුකර තිබෙයි. එසේම ඒ තුල යම් යම් අවස්ථා වල සාර්ථක වී තිබෙයි. නමුදු මා face book හැක් කිරීම පිලිබදව පුලුල් ලෙස අධ්‍යයනය කලේ මාගේ දැනුම සදහා මිස කිසිවෙකු අපහසුතාවයට පත් කිරීමට නොවන බව පැහැදිලිව කිව යුතුය. 
ඔබගේ face book ගිණුමේ ආරක්ෂාව සම්භන්ධයෙන් යම් ගැටලුවක් ඇති වූයේ නම් එය තනිකරම ඔබගේ නොදැනුවත්කම නිසා හෝ නොසැලකිලිමත් බව නිසා බව පැහැදිලිවම කිව යුතුය. එසේ නම් face book හැක් නොවී සිටීමට,face book තුල ආරක්ශාකාරීව සිටීමට පහත පියවර අනුගමනය කරන්නේ නම් ඔබ face book තුල ආරක්ෂිතය. 


01. ඔබගේ face book ගිණුම සදහා ශක්තිමත් මෙන්ම දිගු මුරපදයක් භාවිතා කරන්න.
face book ගිණුම් හැක් වීම සදහා මූලිකවම හේතුව වන්නේ ඔබ ඔබගේ ගිණුම සදහා ඉතා කුඩා මෙන්ම සරල මුරපද බොහෝ දෙනෙකුට අනුමාන කල හැකි මෙන්ම බොහෝ දෙනෙකු දන්නා මුරපද තමාගේ face book මුරපද ලෙස භාවිතා කිරීමයි.  බොහෝ දෙනෙකු face book මුරපද සදහා භාවිතා කරන්නේ තමාගේ උපන් දිනය , ජාතික හැදුනුම් පත් අංකය, තමාගේ නම, දුරකතන අංකය වැනි දේවල්ය. මෙවැනි මුරපද අනුමාණ කිරීම  මෙන්ම හැක් වීමටද තිබෙන ඉඩකඩ වැඩිය. මුරපද ආශ්‍රයෙන් සිදුකරන හැක් වීමක් තුලදී බොහෝ විට ඔබගේ මුරපද calcuate වීමක් සිදු වෙයි. එම නිසා මුරපද ඔස්සේ face book හැක්වීමකදී එම මුරපද ගණනය සදහා තත්පර ගණනක සිට අවුරුදු 10-20 අතර කාලයක් වැය වෙයි. සමහර විට ඊටත් වැඩි කාලයක් වැය වෙයි. මේ නිසා face book සදහා ශක්තිමත් මෙන්ම දිගු මුරපදයක් භාවිතා කිරීම ඔබගේ මුරපදය ගණනය සදහා සිදුවන කාලසීමාව ඉහල දැමීමට හේතු වෙයි. මෙහිදී ඔබගේ face book මුරපදය සදහා අනිවාර්යෙන්ම කැපිටල් සිම්පල් අකුරු මිශ්‍රවන ලෙස, symbols හා space යොදා ශක්තිමත් මුරපදයක් නිර්මාණය කර ගැනීම අත්‍යවශ්‍ය වෙයි. පහතින් මා නිදසුනක් ලෙස නිර්මාණය කර ඇති මුරපද කිහිපයක් පහත දැක් වෙයි. 
KathUrA@654 *Aa
hacKinG@PeRa*@ 1


02. කිසිම මොහොතක තමාගේ මුරපද web browser තුල save නොකරන්න.
බොහෝ පිරිසක් face book  තුල අනාරක්ෂිත වන්නේ ප්‍රධාන වශෙයෙන්ම මෙකී සාදකය නිසාය. බොහෝ web browser තුල face book  log වන විට Remember Password යනුවෙන් pop-up message එකක් දිස් වන අතර බොහෝ දෙනෙකු හදිස්සිය නිසා හෝ නොසැලැකිලිමත් බාවය නිසා yes යන විධානය ක්‍රියාත්මක කරයි. මෙහිදී ඔබ සම්පූර්ණයෙන්ම අනාරක්ෂිත වීම සිදු වෙයි. එනම් ඔබ නොදන්නවා වූවාට ඔබ save කරන ලද මුරපද හා username ඉතා පහසුවෙන් ලබා ගැනීමට බොහෝ ක්‍රම තිබෙයි. එම නිසා කිසිදු මොහොතක කිසිදු web browser යක තමාගේ user name සහ password save නොකර සිටීමට වගබලා ගන්න. විශේෂයෙන්ම Internet Cafe තුල, ආයතන තුල,විශ්ව විද්‍යාල තුල වැනි බොහෝ පිරිසක් භාවිතා කරන පරිගණක වල කිසිදු මොහොතක password save කරන්න එපා.

03. තමාගේ පරිගනකයෙන් බැහැරව face book  භාවිතා කරන සෑම අවස්ථාවකම History සහ Cookies clear කිරීමට  වගබලා ගන්න.
විශේෂයෙන්ම Internet Cafe සහ බොහෝ පිරිසක් භාවිතා කරන ස්ථානවල face book  භාවිතා කිරීමෙන් පසු අනිවාර්යෙන්ම මෙය සිදුකල යුතුය.  History හරහා ඉතා පහසුවෙන් ඔබ පිවිසි ස්ථාන සහ ඔබගේ ගිණුම හදුනාගත හැකිය. මෙහිදී ඇති විය හැකි අනාරක්ෂිත බවින් මිදීම සදහා History සහ Cookies clear කිරීමට  වගබලා ගන්න. windows මෙහෙයුම් පද්ධතිය තුල ctrl+H යන short key හරහා history වෙත පහසුවෙන් පිවිසිය හැකිය.


04. ඔබගේ Email ලිපිනය සදහා ශක්තිමත් මුරපදයක් භාවිතා කර , Email සදහා යොමුකරන අවධානය වැඩි කරන්න.
බොහෝ දෙනෙකු face book  තුල හැක් වීමට ප්‍රධාන හේතුව Email එකයි. සමහරු face book  සදහා ශක්තිමත් මුරපදයක් භාවිතා කරත් Email සදහා සාමාන්‍ය මුරපදයක් භාවිතා කරයි. ඔබගේ Email ලිපිනය hack වූවා යනු face book   හැක් කිරිම ඉතා පහසු කරවන්නකි. එසීම face book   හැක් කිරීමක් තුලදී Email ලිපිනයට විවිධ link mail කිරීම සිදුවෙයි. බොහෝ දුරට මෙම ලින්ක් හැකින් ක්‍රමවේදයක් වන phishing attack විය හැකිය. මේ නිසා හොදින් දන්නා කෙනෙකුගෙන් හැර ඔබේ Email එකට එවන link click කිරීමට පෙර දෙවරක් සිතා බලන්න.

05. face book  තුලට message ලෙස එවන ලින්ක් click කිරීමෙන් වලකින්න.
face book   තුල phishing attack ලෙස හැක් කිරීමට ඇති ප්‍රධානම ක්‍රම වේදය වන්නේ ඔබගේ face book  ගිණුමට ලින්ක් එකක් එවීමයි. එසේම මෙම link බොහෝ විට spam වෙයි. spam යනු virus වල එක්තරා ප්‍රබේදයකි. මෙම spam click කිරීම මගින් ඔබගේ face book  ගිණුමට විවිධ link ලැබීම, ඔබගේ යහලුවන්ට එම link tag වීම සිදුවෙයි. එසේම මෙම ලින්ක් බොහෝ විට අසභ්‍ය දර්ශණ සහිත ලින්ක් නිසා ඒ තුල සිදුවන අපහසුතාවය අමුතුවෙන් පැවසීම අවශ්‍ය නොවෙයි. එම නිසා hacker's ලාගේ අතකොලුවක් වීමට එවැනි ලින්ක් click නොකරන්න.


06.ඔබගේ face book   profile එක තුල Email, phone nomber අනෙක් අයගෙන් hide කරන්න. (Only me) කරන්න
face book    හැක් කිරීම සදහා සාමාන්‍යෙන් ඔබගේ Email එක අවශ්‍ය වෙයි. මේ නිසා ඔබගේ face book    ගිණුම තුල Email Hide කරන්න. බොහෝ පිරිසක් මේ පිලිබද අඩු අවධානයක් යොමු කිරීම බොහෝ විට අනාරක්ශිත වීම් සදහා හේතු වෙයි.

07. ඔබගේ සුපුරුදු face book    log මෙනුව හැර වෙනත් web පිටුවලින් log නොවීමට වග බලා ගන්න.
face book හැක් කිරීම සදහා යොමු වන බොහෝ Hacker's ලා ක්‍රමවේදයක් තමයි phishing attack කියන hacking ක්‍රමවේදය. මොක්ද face book හැක් කිරීම තුල යම් තාක් දුරකට හෝ මේ ක්‍රමවේදය සාර්ථකයි. මෙහිදී fake face book වෙබ් පේජ් එකක් නිර්මාණය කරන අතර එමගින් log වන විට ඔබගේ face book user name සහ password දෙකම save වී hacker වරුන් අතට පත් වෙයි. මේ නිසා සාමාන්‍ය හුරුපුරුදු face book log  මෙනුවෙන් පමණක් log වීමට වගබලා ගන්න. මෙම  fake page හදුනා ගැනීම ප්‍රධාන වශයෙන්ම web පිටුව ඉහල URL එක පරීක්ශා කිරිම මගින් සිදුකල හැකිය.


08. face book security භාවිතා කරන්න. 
ඔබගේ face book ගිණුම ආරක්ෂා කර ගැනීම සදහා face book ආයතනය මගින්ම විශේෂ උපක්‍රම කිහිපයක් හදුන්වා දී තිබෙයි. ඒ අනුව ඔබගේ face book ගිණුමේ setting යන යෙදුම ඔස්සේ පහත path එකට  පිවිසෙන්න.
Setting > Account Setting > Security මෙහිදී ඔබට option 3ක් දැක ගැනීමට හැකිවන අතර option 3ම enable කිරීම තුලින් වැඩි ආරක්ෂාවක් ලබා ගත හැකිය. 
එසේම ඔබ face book තුල කුමන හෝ වැරදි දෙයක් දුටුවහොත් කරුණාකර report යන යෙදුම ඔස්සේ face book  කාර්‍ය්මණ්ඩලයට එය report කරන්න. එවිට face book කාර්‍ය්මණ්ඩලය එයට හැකි ඉක්මනින් පියවර ගනු ඇත. තවද tag review යන option එක සක්‍රීය කිරීම තුලින් ඔබගේ අනු දැනුමකින් පමණක් tag කිරීමට සිදුවෙයි. මේ තුලින් ඔබගේ approve එක ලැබෙන තාක් එය ඔබගේ wall එකේ පෙන්නන්නේ නැත. එම option එක සක්‍රීය කිරීම සදහා පහත path එක අනුගමනය කරන්න.
Setting > Account Setting > time line and Tagging > Review post friend tag you in before they appear on your time line > ON

09. Face Book තුල script භාවිතා නොකරන්න.  
මෙය face book   ආරක්ෂාව සම්භන්ධයෙන් ඇතිවන ගැටලුවකි.  අද වන විට face book   වල යම් යම් දේ පහසුවෙන් සිදු කර ගැනීමට script භාවිතය ජනප්‍රිය වී තිබෙයි. යහලුවන් ඔක්කොම එක පාර add කර ගන්න., ඔක්කොටම එක පාර invite කරන්න යන ලෙස මෙකී script පවතී. නමුදු ගැටලුව වන්නේ මෙම සමහරක් script අද වන විට face book   විසින් spam ලෙස හදුනා ගැනීමයි. ඒ නිසා script භාවිතය face book  තුල තහනමට ලක් වීමට හේතුවක් විය හැකිය. 

10. වෙනත් අයගේ face book ගිණුම් hack කිරීමට උත්සාහ නොකරන්න. 
බොහෝ දෙනෙකු face book  හැක් කිරීම පිලිබද දැන ගැනීමට උනන්දු අතර face book   තුල නිතරම මගෙන්දමෙම ගැටලුව අසයි. බොහෝ අය face book   හැක් කිරීමට කියා විවිද software භාවිතා කරන අතර software මගින් සිදු කරන hack කිරීම් කිසිසේත් සාර්ථක නොවේ. මෙවෙනි software මගින් බොහෝ විට සිදු වන්නේ තමන්ගේ ගිණුම් හැක් වීමයි. එසේම face book   තුලින් හැක් කිරීමට උත්සාහ කරන සෑම ගිණුමක්ම face book   තුලින් ඉවත් කිරීමට face book   කාර්‍ය්මණ්ඩලය පසු බට නොවෙයි.

මෙහිදී කිවයුතු විශේෂ කරුණක් ඇත. බොහෝ අය තමන්ට hack කිරීමට හැකි බව කියා පම්පෝරි ගසයි. මොවුන් හැකර්වරු නොවන අතර නිකන් බයියලාය.  කිසිම අවස්ථාවක මොවුන්ගේ සුරංගනා කතාවලට නොරැවටෙන්න. විශෙෂයෙන් කාන්තා පාර්ෂවයට මෙවෙනි බයියන් face book  හැක් කරනවා කියා බිය වැද්දීම් සිදු කරයි. මා හටද මේ සත්ව කොට්ඨාශයේ කිහිප දෙනෙකු මුණ ගැසී තිබෙයි. hack කිරීම යනු කුමක්ද කියාවත් හරි හැටි නොදන්න මෙවැනි පුද්ගලයන්ගේ මුසාවන්ට කිසි විටෙක නොරැවෙටෙන්න. මොවුන් දුටු තැන report කරන්න. මන්ද නියම හැකර්වරු කිසි විටෙක තමන් හැකර් කෙනෙකු බව ප්‍රකාශ කරන්නේ නැත. 

හැමදාම අලුත් ඒ වගේම වැදගත් ලිපි ලබා දෙන Kathura Tech Zone අපේ බ්ලොග් අඩවියෙන් ඔන්න අද දුන්නේ කිසිම site එකකින් මෙච්චර කාලෙකට දුන්නේ නැති වටිනාම උපදෙස් 10ක් අඩංගු වටිනාම ලිපියක්. ලිපිය කියවල යන්නේ නැතුව comment එකකුත් දාගෙනම යන්න. 
රැදී සිටින්න සයිබර් අවකාශයේ අලුත් දැනුම සොයා යන Kathura Tech Zone සමග.
Tricks and Tips