blogger widgets

Sunday, August 17, 2014

drviers අවුල නිට්ටාවටම සුව කරමු

drviers අවුල නිට්ටාවටම සුව කරමු


කට්ටිටටම ආයුබොවන් කියලා Kathura Tech Zone  එකට පිලිගන්න ගමන් ගොඩක් අයට වැදගත් වෙන ලිපියක් තමයි අද අරන් ආවේ. Kathura Tech Zone එකෙන් අපි ඉතින් හැමදාම දෙන්නේ අලුත් වැදගත් වෙන දෙවල් නේ.  computer use කරන ගොඩක් අයට තියෙන අවුලක් තමයි machine එක format කරාම හරි අලුතින් OS එකක් ස්ථාපනය කරාම හරි machine එකට අදාල drivers නොමැති කම. අද වෙන කොට නම් drivers  එච්චරම අවුලක් නෑ. ඒත් මීට අවුරුදු 7-8 කට කලින් desktop use  කරපු යාලුවන්ට තිවුනු ලොකු අවුලක් තමයි drivers  නොමැති කම. 
ඉස්සර අපි com එක format කරන්නත් බය drivers  නැති වෙයි කියලා හිතලා. ඒත් අද වෙනකොට drivers  අවුලට ගොඩක් විසදුම් ලැබිලා තියෙනවා. ඒත් ගොඩක් කට්ටිය දන්නේ නෑ computer drivers  කියන්නේ මොකද්ද ඇයි drivers  පරිගනකයට අවශ්‍ය කියලා. 
computer drivers කියන්නේ පරිගනකයේ ක්‍රියාකාරිතවයට අත්‍යවශ්‍ය දෙයක්. computer එක සම්පුර්න වෙන්නේ Hardware සහ software වල එකතුවෙන් නේ. පරිගනකයේ තියෙන ප්‍රදානම software එක තමයි OS එක නැත්තම් මෙහෙයුම් පද්ධතිය. පරිගනකයේ තියෙන දෘඩාංග සහ මෙහෙයුම් පද්ධතිය අතර අන්තර් සබදතාව ගොඩනැගෙන්නේ drivers හරහා. ඒ වගේම පරිගනකයේ ක්‍රියාකාරිත්වයට මෙන්න මේ කියන drivers  ඉතා වැදගත්. පරිගනකයට අවශ්‍ය කරන drivers  හරියටම දාගන්න එක ගොඩක් දෙනෙක් මූන දෙන ගැටලුවක්. 
ඔයාගේ පරිගනකයටත් හරියට drivers  වැටිලද කියලා බලන්න මෙන්න මේ Path එක අනුගමනය කරන්න පුලුවන්. 
my computer right click > Manage > Device Manager කියන එක click කරන්න.
 දැන් මෙතන පරිගනකයේ ඒ ඒ කොටස් වලට අවශ්‍ය කරන drivers  බලා ගන්න පුලුවන්. පරිගනකයට අවශ්‍ය drivers  හරියට ස්ථාපනය වෙලා නම් කොල පාටිනුත් හරියට drivers ස්ථාපනය වෙලා නැතිනම් කහ පාටිනුත් පෙන්නනවා. මෙතනින් drivers  වලට අවශ්‍ය ගොඩක් වෙනස් කම් කරන්න පුලුවන්. ඒ අතර drivers update කිරීම drivers disable කිරීම drivers uninstall කිරීම වගේ ගොඩක් වෙනස් කම් කරන්න පුලුවන්. මෙතනින් machine එකේ තියෙන drivers  search කරලා ලබා ගන්නත් internet එකෙන් අවශ්‍ය drivers  බාගත කිරීමේ හැකියාවත් පවතිනවා. 
පරිගනකයට අවශ්‍ය drivers  නොමැතිකම නිසා පරිගනකයේ තිබෙන ගුණාත්මකබාවය ගොඩක් අඩු වෙනවා. drivers  නැති නිසා sound / web cam / VGA / touchpad /internet / CD DVD වගේ ගොඩක් තැන් වල ප්‍රශ්ණ එන්න පුලුවන්. ඒ වගේම පරිගනකයේ පෙනුමටත් මේ drivers  ගොඩක් බලපානවා. ඒ වගේම video බලනකොට Game ගහනකොටත් අවුල් එන්නේ drivers  නිසා. ඒ සදහා බලපාන්නේ  VGA drivers .
හරි මන් හිතනවා drivers  ගැන මූලික දැනීම ලැබෙන්න ඇති කියලා. සාමාන්‍යෙන් computer එකක් use කරන කෙනෙකුටත් මේ මූලික දැනුම ගොඩක් වැදගත්. ගොඩක් අය machine format කරාට drivers  දාගන්න හරියට දන්නේ නෑ. drivers  අවුල් ගිහින් 7-8 පාර format කරපු අයත් අපිට හම්බ වෙලා තියෙනවා. ඒ උදවියටත් මේ ලිපිය ගොඩක් වැදගත් වෙයි. හරි කතා ඇති අපි දැන් බලමු කොහොමද drivers හරියට දාගන්නේ කියලා. 
01. පරිගනකය මිලදී ගැනීමෙදි ලැබෙන drivers CD  එක use කිරීම
Brand new computer එකක් මිලදී ගැනීමේදී බොහො විට drivers cd එකක් හම්බ වෙනවා. ඒකෙන් ඉතා සාර්ථකව පහසුවෙන් drivers  දාගන්න පුලුවන්. දැන් කට්ටිය කියයි අපිට drivers CD  එකක් හම්බවුනේ නෑ කියලා. ඒ අයත් හරියටම හරි යන විසදුම් මේ ලිපියෙන් දෙනවා.

02 . පරිගනකයට අදාල නිල වෙබ් අඩවියෙන් පරිගනකයට අවශ්ය drivers pack එක download කිරීම. 
මේකත් ගොඩක් සාර්ථක ක්‍රමයක්. එහෙම download කරගත්ත drivers pack  එකේ backup එකක් ලග තියාගන්න එක ඇගට ගුනයි.

03. Drivers Solution Pack එක download  කරගැනීම. 
computer repair කරන ගොඩක් අය use කරන ක්‍රමයක් තමයි මේක. බොහො විට මේ ක්‍රමය සාර්ථකයි. දැනට මේ මෘදුකංගයේ අලුත්ම update එක තමයි Drivers Solution Pack 14 කියන සංස්කරණය. හැබයි මේ Drivers Solution Pack එක ටිකක් බර වැඩියි. 7.2GB විතර තියෙනවා. එහෙනම් ඒක බාගන්න direct link එකත් දෙන්නම්. 




04 . වෙබ්සයිට් හරහා download කිරීම. 
ඔයාගේ computer එකේ model එක මේ ලින්ක් එකේ search කරලා අවශ්‍ය drivers download කරගන්නකො.



05 . software හරහා drivers update කිරීම.
මේක තමයි ගොඩක් වැදගත්. software හරහා drivers update කරන්න . මේක ඉන්ස්ටොල් කරාම පරිගනකයට අවශ්‍ය drivers search කරලා ගන්නවා. ඒ වගේම පරිගනකයට අත්‍යවශ්‍ය drivers විතරක් මේකෙන් බාගන්න නිසා කාලය වගේම සල්ලිත් ඉතුරුයි. ගොඩක් අය software එක එක නේ blog වලට දාන්නේ. ඒත් Kathura Tech Zone අපි software  තොග පිටින් බාගන්න ඔයාලට දෙනවා. පට්ට්යි නේ. ඒක තමයි blog කලාවේ අපි අරටුවෙන්ම වෙනස් වෙන්නේ. 

* 3DP chip
මේක ඇවිල්ලා ගොඩක් පොඩි software එකක්. පොඩි වුනාට මේකේ වැඩ නම් පොඩි නෑ. මේකෙන් ඔයාගේ com එකට අවශ්ය්‍ය drivers  auto  බාගන්නවා. ඕන කරන්නේ net connection එක විතරයි. පට්ට්යි නේ. එහෙනම් ඔන්න බාගන්න. 


                                            Download
* Driver Genius
මේකත් ඇවිල්ලා drivers බාගන්න තියෙන සුපිරි software එකක්. නම වගෙම තමයි වැඩ කිඩ. මේකේ තියෙන තවත් වැඩ කෑල්ලක් තමයි මේකෙන් driver backup කිරීමේ හැකියාව. ඒ නිසා අපහු drivers හොය හොය රට වටේ දුවන්නේ නෑ. ඔන්න එහෙනම් Driver Genius එකත් බාගන්නකො.

                     
                                                  Download
* Driver Easy
මේකත් ඇවිල්ලා සුපිරි භාණ්ඩයක්. එහෙනම් බාගෙනම වැඩ බලාගන්නකො.
                                               Download



* Slim Drivers

                                           Download

* Driver Booster

                                         Download
මම හිතනවා මේ ලබා දීපු ලිපියත් අපේ යාලුවන්ට ගොඩක් වැදගත් කියලා. Kathura Tech Zone එකෙන් අපි හැමදාම ඔයාලට දෙන්නෙ වැදගත් දෙවල් නේ. එහෙනම් ලගදිම අලුත් ලිපියකින් හමුවන තුරු කතුරා සමගන්නවා. මතක ඇතුව comment එකකුත් කොටලම යන්න. ඔයාලගේ පහසුවට ඔන්න comment දාන විදියත් වෙනස් කරා. එහෙනම් රැදී සිටින්න සයිබර් අවකාශයේ අලුත් දැනුම සොයායන Kathura Tech Zone සමග.

3 comments:

  1. --- Kathuratechzone.Blogspot.Com --- >>>>> Download Now

    >>>>> Download Full

    --- Kathuratechzone.Blogspot.Com --- >>>>> Download LINK

    >>>>> Download Now

    --- Kathuratechzone.Blogspot.Com --- >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete

Tricks and Tips