blogger widgets

Sunday, November 30, 2014

තමන්ගේ Data පෙන් එකේ දාලා ලේසියෙන්ම Lock කරමු.

kathura tech zone සමග එකතු වෙන පාඨක ඔබ සියලු දෙනා සාදරයෙන් පිලිගන්නවා. මේ අපේ ජයග්‍රාහී බ්ලොග් එකේ 31 වෙනි ලිපිය. ඒ වුනාට සම්පූර්ණ ලිපි කියවපු ගනන 10,000 ඉක්මවලා. ඒ ගැන මට තියෙන්නේ නිහිතමානී අඩම්බරයක්. මේ බ්ලොග් එක ගොඩක් කාර්ය්‍යබහුල life එකත් එක්ක කරගෙන යන්නේ ගොඩක් අමාරුවෙන්, මම මේ blog එක කරන්නෙත් කිසිම ලාභ අරමුණකින් නෙමෙයි. මගේ දැනුමෙන් කවුරු හරි දෙයක් ඉගන ගන්නවා නම් ඒක තමයි මගේ සතුට.ඔයාල නොදන්න ඕනම තාක්ශණ ගැටලුවක් ගැන මගෙන් අහන්න. අනිවාර්යෙන් ඔයාලට උදවු කරන්න මම සූදානම්. හරි කතා ඇති අද මාතෘකාවට බහිමුකො.


තමන්ගේ පෙන් එකේ තියෙන data කාගේ හරි අතට පත් උනොත් හරි , data එක්ක පෙන් එක නැති උනොත් පට්ට අවුල් නේ. සාමන‍ය්‍යයෙන් තමන්ගේ PC එකට අපි password දාලා lock කරාට පෙන් එකත් එහෙම lock  කරන්න පුලුවන් කියලා ගොඩක් අය දන්නේ නෑ නේ. ගොඩක් අය හිතන් ඉන්නේ තමන්ගේ computer එකට password එකක් දැම්මම පට්ට safety කියලා, ඒත් ඇත්තම කතාව ඔයා දන්නේවත් නැතුව ඔයාගේ computer එකේ password තියෙද්දිම ඇතුලට යන්න ක්‍රම තියෙනවා. ඒ නිසා computer එකට password දාල තියෙන එකෙන් 100%ක ආරක්ශාවක් අපිට ලබා ගන්න බෑ.

 මේවා අහනකොට කට්ටියට හිතේවි කොහොමද අපේ වැදගත් ෆයිල්, පෞද්ගලික දෙවල් ආරක්ශා කරගන්නේ කියලා. බය වෙන්න එපා ලගදිම ඒ ගැන ලිපියක් ලියන්න කතුරා පොරොන්දු වෙනවා. 

අද දෙන්න යන්නේ සුපිරිම USB lock එකක්. මේක නිසා තවදුරටත්  ඔයාගේ document හොරු අතට පත් වේවිය කියලා බය වෙන්න ඕන නෑ. අනික මේක ගොඩක් පොඩි software එකක්.

 කරන්න තියෙන්නේ  software එක බාගෙන එක ඔයාගේ පෙන් එකට copy කරන්න එක. ඊට පස්සේ පෙන් එකේ තියෙද්දීම double click කරන්න. ඊට පස්සේ password ඉල්ලන තැනට password දීල conferm කරන්න. 
දැන් වැඩේ ගොඩ. ඕන කරන file ටික පෙන් එකට දැම්මා protect කියන එක click කරා. පස්සේ පෙන් එක මොනම computer එකකට plug කරත් password ඉල්ලනවා. ඒ කියන්නේ වැඩේ ගොඩ.  එහෙනම් පහල දීලා තියෙන ලින්ක් එකට ගිහින් කෙලින්ම software එක බාගන්න. 1.3mb ක පොඩි software එකක්.
සුපුරුදු විදියට extract කරන කොට ඉල්ලන password එකට kathura කියලා දෙන්න.
                <<<Download>>>

එහෙනම් මම කැපුනා. තවත් අලුත් ලිපියකින් ලගදිම හමුවෙමු. යනගමන් comment එකකුත් කොටාගෙනම යන්න.


රැදී සිටින්න cyber අවකාශයේ අලුත් දැනුම සොයායන Kathura Tech Zone සමග.

Friday, November 28, 2014

අවුල් ගිහිපු Hard එක ලේසියෙන්ම ගොඩ දාගන්න Ashampoo HDD control (with key)

හරි ඔන්න තවත් අලුත්ම software එකක් අරගෙන තමයි කතුරා ආවේ. කොහොමත් හැමදාම අලුත්, වැදගත් ලිපි තමයි kathura tech zone එකෙන් අපි ඔයාලට ගේන්නේ. 


ලැප්ටොප් හරි ඩෙස්ක්ටොප් හරි පාවිච්චි කරන ඕනම කෙනෙක්ට එන අවුලකට විසදුමක් තමයි අද අරගෙන ආවේ. තමන්ගේ කොම්පියුටර් එකේ තියෙන Hard Drive එක ගැන ඕනම කෙනෙකුට පොඩි හරි වැටහීමක් ඇති නේ. තමන්ගේ තියෙන ඕනම document එකක් delete කරන කම් මේකේ රැදිලා තියෙනවා. ඇත්තම කිව්වොත් delete කරයින් පස්සෙත් Hard එකේ මේ දත්ත සමහරක් රැදිලා තියෙනවා. computer hardware ගැන දැනුමක් තියෙන අය නම් මේ Hard Drive එකේ ඇතුලත    ක්‍රියාකාරිත්වය ගැන දන්නවා. සරලවම ගත්තොත් ඉතා සියුම් තැටියක් තමයි මේ Hard එක තුල අන්තර් ගත වෙන්නේ. ඒ තැටියේ තිබෙන දත්ත ඉතා සියුම් කටුවකින් කියවීම තමයි වෙන්නේ. මේක hard drive එකේ ඉතා සරල ක්‍රියාකාරිත්වය විතරයි. 
පාවිච්චි කරන කොම්පියුටර් එක ගැන ටික ටික හරි දැනගෙන ඉන්න ඕන නිසයි කිව්වේ.
සමාන්යෙන් ගොඩක් කල් computer එකක් use කරන කොට වැඩිවාර ගණනක් computer එක format කරාම , virus වල ක්‍රියාකාරිතවය , computer එක use කරන විදිය අනුව hard එකේ එක එක අවුල් වෙන එක සාමාන්‍ය දෙයක්. තමන්ගේ පරිගනකයේ නිර්මාණය වෙන ගොඩක් අර්බුද වලට ප්‍රධාන හේතුවක් තමයි  මේ hard එකේ අවුල.
 සාමන්‍ය්යෙන් hard drive එකේ ඇතිවෙන ප්‍රධාන අවුලක් තමයි Bad Sector නිර්මාණය වීම. hardware දැනුමක් නැති අයට නම් මේක තෙරෙන්නේ නැතුව ඇති.   Bad Sector  තුලදි අපේ කොම්පියුටෙර් hard drive එක තුල නැවත භාවිතා කල නොහැකි ප්‍රදේශ නිර්මාණය වෙනවා. තමන්ගේ  කොම්පියුටෙර් hard drive එක තුල මෙවෙනි Bad Sector නිර්මාණය වීම නිසා දත්ත විනාශ වීම වගේම පරිගනකයේ විවිධ දොෂයන් ඇති වෙනවා. ඉතින් මේ වගේ hard drive එකේ ඇති වෙන අවුල් වලට ලේසියෙන්ම ප්‍රතිකාර කරන්න පුලුවන් software එකක් තමයි Ashampoo HDD  කියන්නේ. 

අද දෙන්න යන්නේ Ashampoo HDD software  එකේ සම්පූර්ණ version එක key එකත් එක්කම. මේක සමාන්‍ය software එකක් install කරන විදියටම install කරන්න තියෙන්නේ. ඊට පස්සේ තමන්ගේ පරිගනකයේ hard drive එක තුල තියෙන අවුල් ඔක්කොම හොයලා ඒවට ප්‍රතිකාර කරන්න පුලුවන්. තමන්ගේ hard drive එකේ දැනට අවුලක් නැති උනත් මේ software  එක install කරලා තියාගන්න එක ඇගට ගුනයි.
එහෙනම් පහල දීල තියෙන link එකෙන් ගිහින් කෙලින්ම software  එක බාගන්න. සුපුරුදු විදියට ZIP ෆයිල් එක extract කරන කොට ඉල්ලන password එකට kathura කියලා දෙන්න.

<<<Download>>>

එහෙනම් තවත් ලිපියකින් හමුවෙන තුරු කතුරා සමුගන්නවා. ලිපිය වැදගත් උනා නම් comment එකකුත් කොටාගෙනම යන්න. රැදී සිටින්න වෙනස් වෙන සයිබර් ලෝකේ අලුත් දැනුම සොයායන kathura tech zone සමග

Sunday, November 16, 2014

Music වලින් ලේසියෙන්ම වැඩ දාන්න ashampoo music studio full


ඔක්කොම යාලුවො සාදරයෙන් kathura tech zone එකට පිලිගන්නවා. අලුත් අලුත් වැඩ කිඩ දෙන අපේ බ්ලොග් එකෙන් ඔන්න අදත් යාලුවන්ට අලුත්ම දෙයක් දෙන්න තමයි කතුරා සුදානම් වෙන්නේ.

ashampoo පවුලේ software use කරන අය දන්නව නේ ඒ වගේ වැඩ. අද දෙන්න යන්නේ ashampoo music studio  එක. මේකෙන් ලේසියෙන්ම music creat  කරන්න edit කරන්න වගේම තව වැඩ ගොඩක් කරන්න පුලුවන්. 


මේක බාගෙනම බලන්නකො මේකේ තියෙන වැඩ කෑලි ටික. හරි ඔන්න එහෙනම් කෙලින්ම දීල තියෙන link එකෙන් ගිහින් software එක බාගන්න.
<<<Download>>>
Zip ෆයිල් එක extract කරන කොට ඉල්ලන password එකට kathura කියලා දෙන්න. 
හරි එහෙනම් වැඩේ ගොඩ දාගත්තා නම් comment එකකුත් දාගෙනම යන්න, එහෙනම් අදට මම කැපුනා. රැදී සිටින්න සයිබර් අවකාශයේ අලුත් දැනුම සොයායන පරිගනක තක්ශලාව kathura tech zone සමග.

Skype එකේ අලුත් version එක full setup එක්කම

කට්ටියටම ආයුබොවන් කියන ගමන් තවත් ලිපියක් අරගෙන තමයි කතුරා අවේ. 
ගොඩක් දෙනෙක් මේ වෙනකොට skype ගොඩක් අය use කරන මෘදුකාංගයක් නේ. ඒත් මෑතක දී skype use කරපු ගොඩක් අය මූණ දීපු අවුලක් තමයි තමන්ගේ skype account එකෙන් log වෙන වෙලාවේ user name,password වැරදි කියන එක.
කට්ටිය ඉතින් මේකට අලුත් user name,password හදන්න ගිහින් ලොකු අමාරුවක වැටුනා. මෙහෙම user name,password වැරදි කියන්න හේතුව skype පරණ version එක. මේකට එකම විකල්පය අලුත් skype version  එකට මාරු වෙන එක. ඉතින් අද දෙන්න යන්නේ අලුත්ම skype version එකේ full offline setup එක. 


හරි එහෙනම් පහල ලින්ක් එකෙන් ගිහින් skype ෆුල් සෙටප් එක බාගන්න.

            <<<Download>>>
 සුපුරුදු විදියට extract කරන කොට ඉල්ලන password එකට kathura කියලා දෙන්න.
එහෙනම් යමින් ගමන් comment එකකුත් දාගෙන යන්න. 

රැදී සිටින්න cyber අවකාශයේ අලුත් දැනුම සොයායන Kathura Tech Zone සමග

Android Apps කොම් එකේ run කරන්න, Bluestacks HD app player එක. (full setup)

කට්ටියටම අයුබොවන් කියලා kathura tech zone එකට පිලිගන්නවා. ටික දවසකින් අලුත් ලිපියක් ලියන්න බැරි උන එකට සොරි වෙන්න ඕන. පහුගිය ටිකේ ගොඩක් busy වෙලා හිටිය නිසා අලුත් ලිපියක් දෙන්න බැරි උනා. 

හරි පහුගිය දෙවල් අමතක කරලා දාමු, ඔන්න අද kathura tech zone එකෙන් ඔයාලට දෙන්න යන්නේ තවත් සුපිරි software එකක්. මේ වෙන කොට ගොඩක් අය android phone භාවිතා කරනවා නේ. ඒ වගේම මේ වෙනකොට සුපිරි android apps ගොඩක් තියෙනවා නේ. 
android phones තියෙන අයට නම් ඉතින් android apps  භාවිතා කරන්න පුලුවන්. play store එකේ තියෙන  android apps  ටික දැක්කම ඉතින් තනි ඇහැට ඇඩෙනවා, ගොඩක් අය නොදන්නවා උනාට ඔය play store එකේ තියෙන apps ඔක්කොම වගේ PC එකේ use කරන්න පුලුවන්.
 ඒ කියන්නේ android games පවා ලේසියෙන්ම play කරන්න පුලුවන්. පට්ටයි නේ. ඒ වගේම android apps PC එකේ run කරන්න මහ ලොකු softwares ගොඩක් ඕන නෑ. ඕන මෙන්න මේ දෙන්න යන software එක විතරයි. 

කරන්න තියෙන්නේ මේ දීලා තියෙන Bluestacks HD app player එක බාගෙන සාමාන්‍ය විදියට install කරන එක. ඊට පස්සේ android APK ෆයිල් එක double click කරන එක. එතකොට අදාල android apps  එක Bluestacks HD app එකට add වෙනවා. ඊට පස්සේ ඉතින් phone එකේ වගේ run කරන්න තියෙන්නේ.

හරි එහෙනම් පහල link එකෙන් ගිහින් කෙලින්ම software එක බාගන්න.
<<<Download>>>
Zip ෆයිල් එක extract කරන කොට ඉල්ලන password එකට kathura කියලා දෙන්න. 
හරි එහෙනම් වැඩේ ගොඩ දාගත්තා නම් comment එකකුත් දාගෙනම යන්න, 
එහෙනම් අදට මම කැපුනා. රැදී සිටින්න සයිබර් අවකාශයේ අලුත් දැනුම සොයායන පරිගනක තක්ශලාව kathura tech zone සමග.
Tricks and Tips