blogger widgets

Friday, August 8, 2014

Film බලන්න සුපිරිම Player ටිකක්


Film බලන්න සුපිරිම Player  3ක්.


යාලුවො ඔක්කොටම ආයුබොවන් කියලා ප්‍රාර්ථනා කරනවා . මගේ blog එකේ දාපු virus ගැන ලිපියට ඔයාලාගෙන් ලැබුනු ප්‍රතිචාර ගොඩක් අගය කරලා සලකනවා . ලිපිය කියවපු ගොඩක් අය කිව්වා hacking පැත්ත ගැන පුලුවන් නම් ලිපියක් දාන්න කියලා . ඇත්තටම hacking ගැන ලිපියක් දාන්න මම පොරොන්දු උනා නේ . hacking කියන්නේ ගොඩක් ලොකු මාතෘකාවක් . ඒ නිසා ඒ ගැන ලිපි මාලාවක් දාන්න මම බලාපොරොත්තු වෙනවා .
අද දෙන්න යන්නේ ඊට වඩා වෙනස් දෙයක් . අපේ යාලුවො කොම්පීතරේ ගොඩක් use කරන්නේ Film බලන්න වගේ වැඩ වලට නේ . ඉතින් අද දෙන්න හිතුවා Film බලන්න සුපිරිම players ටිකක් . ඔයා දැනට use කරන player එකත් එක්ක මේවා ගොඩක් ඉහලින් තියෙන්නේ . ඔයාගේ PC එකෙනුත් 3D ක්‍රමේට Film / Video බලන්න පුලුවන් .

The KMP player

එකටම ඔයාලට දෙන්න යන්නේ ඔයාලා ගොඩක් දන්න ගොඩක් අය use කරන KMP player එක . මේකෙන් ඔයාලට 3D වගේ Video බලන්න පුලුවන් . ඒකට හැබයි 3D Glass දෙකක් ඕන කරනවා . ඒ කොහොම උනත් Media Player   Ranking වල මේ player එක ගොඩක් ඉහලින් ඉන්නවා. ගොඩක් අය මේ palyer එකේ use කරන්නේ පරණ version නේ . ඔන්න එහෙනම් කෙලින්නම ගිහින් බාගන්නකො . Add බල බල ඉන්න ඕන නෑ .
                                           
                                              download


iDeerBlueRay Player



මේක ඇවිල්ල film / video බලන්න තියෙන සුපිරිම player එකක් . KMP එකටත් වඩා මේකේ Video සුපිරි . මේකෙන්  3D Glass  නැතුවත් 3D වගේ Film බලන්න පුලුවන් . පට්ටයි නේ . ඔන්න එහෙනම් BlueRay  Player  එකත් බාගන්නකො.

                                             download


juceVLC Player



film බලන player අතර තවත් සුපිරි player එකක් තමයි juceVLC Player එක . ඔයාලා vlc player එක ගැන දන්නවා නේ . ඒත් මේක VLC palyer එකට වඩා සුපිරි. ඒ වගේම මේකෙන් ගේමක් නැතුව 3D  වගේ Film බලන්න පුලුවන් . ඔන්න එහෙනම් කෙලින්නම ගිහින් ඒකත් බාගන්නකො .

                                              download

මං හිතනවා අපේ යාලුවන්ට මේ Post එක ගොඩක් වැදගත් උනා කියලා . එහෙනම් ඉතින් කොමෙන්ටුවකුත් කොටා ගෙනම යන්නකො . ලගදිම අලුත් post එකකින් හම්බවෙන කම් මම ඔයාලගෙන් සමුගන්නවා . එහෙනම් රැදී සිටින්න cyber ලොකේ අලුත් වැඩකිඩ හොයාගෙන යන Kathura Tech Zone සමග . 

2 comments:

Tricks and Tips