blogger widgets

Wednesday, October 21, 2015

කිසිම අමතර software එකක් භාවිතා නොකර password දාලා folder එකක් lock කරමුද?

ඔන්න අද කියලා දෙන්න යන්නේ තවත් අමුතු විදියේ tricks එකක්. password දාල folder ලොක් කරන විදිය ගොඩක් අය දන්නවා නේ. මම මේ බ්ලොග් එකෙනුත් my lock box කියන locker එක දුන්න කියලා කට්ටියට මතක ඇති නේ.
ඔන්න අද දෙන්න යන්නේ කිසිම අමතර software එකක් භාවිතා නොකර password දාලා folder එකක් lock කරන විදියක්. මේකට වෙන කිසිම අමතර software එකක් ඕන කරන්නේ නෑ. මේ වගේ දෙයක් ඕන කරන්නේ අපි යාලුවෙක්ගේ හරි පොදුවේ පාවිච්චි කරන හරි පරිගණකයදි වගේ තමයි. මොකද admin password එකක් තියෙද්දි software install කරන්න "හැමෝටම" බැරි නිසා. :P :P ගොඩක් අය කරන්නෙ ඉතින් සාමාන්‍ය විදියට ෆයිල් hidden කරන එකනේ. එක ඉතින් ගොඩක්ම යල්පැන ගිහිපු ක්‍රමයක්නේ.

හරි මෙන්න මෙහෙමයි කරන්න තියෙන්නේ. මේකට ඕන අපි කවුරුත් දන්න note pad එක විතරයි. ගොඩක් අය දන්නවා වුනාට ගොඩක් අය නොදන්න පරීගණකයේ තියෙන වැදගත් application එකක් තමයි notepad එක. මුලින්ම මේ noteoad එක open කරගන්න. අපේ blog එකේ  text copy කරන්න බැරි නිසා ඔන්න මම type කරපු notepad ෆයිල් එකක් download කරන්න දෙනවා

මේ තියෙන්නේ code එක.

 @ECHO OFF
title Folder Locker
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST Locker goto MDLOCKER
:CONFIRM
echo Are you sure u want to Lock the folder (Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Locker "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to Unlock folder
set/p "pass=>"
if NOT %pass%==kathura goto FAIL
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Locker
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDLOCKER
md Locker
echo Locker created successfully
goto End
:End
 හරි මෙන්න මේ code ටික type කරගෙන හරි නැත්තම් download කරගන්න. ලේසිම වැඩේ download කරගන්න එක. හරි දැන් ඔය code ටිකෙ kathura කියලා තියෙනවා නේද. අන්න එක ඔයාලට කැමති විදියට වෙනස් කරගන්න. මොක්ද ඒක තමයි password එක. වෙනස් නොකරොත් ඔයාගේ password එකත් kathura. දැන් file > save as යන්න. දැන් text file කියන එක all file දීලා ෆයිල් නේම් කියන එකට ඔයා කැමති නමක් දෙන්න. හැබැයි ඒ නමේ අන්තිම .bat කියලා තියෙන්න ඕන. 
මෙන්න මේ වගේ kathura.bat දැන් කැමති තැනක save කරගන්න. දැන් bat එක double click කරන්න. දැන් එතන locker කියලා ෆයිල් එකක් හැදුනා නේද. දැන් අන්න ඒ ෆයිල් එකට අපිට lock කරන්න ඕන file ටික ඇදලා දාන්න. දැන් ආපහු අර bat ෆයිල් එක double click කරන්න. දැන් cmd එකෙන් messag එකක් එනවා. එකට y කියලා ගහලා enter ගහන්න. දැන් අපේ ෆයිල් එක පේන්නේ නැති වෙලා ගියා නේද?. හරි මෙන්න මෙහෙමයි අපහු ගන්නේ. අර bat එක උඩ ආපහු double click කරන්න. දැන් password එක ඉල්ලයි. ඔයා දුන්න password එක දීල enter කරන්න. වැඩෙ ගොඩ නේද.
හරි ඔන්න මම යනවා. අවුලක් වුනොත් comment එකක් දාන්න.

......................................kathura tech zone..................................

3 comments:

Tricks and Tips