blogger widgets

Wednesday, January 28, 2015

ලෝකය වෙනස් කල තාක්ෂණික ලොව පුරෝගාමීන් - ස්ටීව් ජොබ්ස්


campus එකේ අපේ Media Unite එකේ Notice Board එකට මම දාපු ලිපියක් බ්ලොග් එකට දාන්න හිතුනා. හැමදාම දෙන විදියේ ලිපි වලින් වෙනස් ලිපියක් තමයි ඔන්න අද දෙන්න යන්නේ. කියවලම බලන්නකෝ

අසීමිත උත්සාහය හා කැපකිරීම නිසා ලෝකය ජයගත් විශිෂ්ඨ ප්‍රාඥණයකු ලෙස ස්ටීව් ජොබ්ස් සලකයි. සමහර විට ඔබ නම ඇසූ විට ස්ටීව් ජොබ්ස් යනු කවුදැයි ඔබ නොහදනුනවා විය හැකිය. ඒත් වර්තමානයේ ඔබ අප භාවිතා කරන තොරතුරු තාක්ෂණය මේ තරම් දියුණු වීමට සුවිශේෂි දායකත්වයක් සැපයූ පුද්ගලයෙකි. ස්ටීව් ජොබ්ස් නැමැති නම ඇසූ පමණින් අපට මතක් වන්නේ ඇපල් සමාගමයි. ඇපල් සමාගම නිර්මාණය කිරීමේ පුරෝගාමියා වන්නේ අද ලිපියේ ප්‍රධාන මාතෘකාව වන ස්ටීව් ජොබ්ස් ය. ලෝකයේ හොදම ජංගම දුරකතන හා පරිගනක කුමක්ද යන්න බොහෝ දෙනෙකුට තිබෙන ගැටලුවකි. නමුත් ලෝකයේ තොරතුරු තාක්ෂණ සංස්කෘතිය තුල ඇපල් සමාගමට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි. මේ නිසා අදටත් ඇපල් ජංගම දුරකතනය හා පරිගනකය සදහා ලෝකයේ ඉහලම පිලිගැනීමක් හිමි වී තිබෙයි. මීට අමතරව i pod , i tunes ලෝකයට හදුන්වා දුන්නේ ඇපල් සමාගමයි. ලෝකය තුල තාක්ෂණික පෙරලියක් සිදුකල ස්ටීව් ජොබ්ස් ගේ උපත් සිදු වන්නේ 1955 පෙබරවාරි 24 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆොර්නියා ප්‍රාන්තය යේය. ස්ටීව් ජොබ්ස් ගේ ඉපදුනු පවුල් පරිසරය සලකන විට සතුටු දායක මට්ටම නොවුනේ දෙමාපියන් වෙන්ව සිටීම නිසාවෙනි. ස්ටීව් ජොබ්ස් ද පාසල් අධ‍යාපනය තුල දක්ෂයකු වුවද න්‍යායන් මූලික අධ‍යාපන ක්‍රමය නිසා පාසල් අධ‍යාපනයට ඇකැමැති විය. 1992 දී Homested උසස් පාසලෙන් හා ඔරියන් හි පෝට්ලන්ඩ් පාසලෙන් අධයාපනය හැදෑරීය. කෙසේ වුවද විශ්ව විද්‍යාල අධයාපනයට ඇතුලත් වන ස්ටීව් ජොබ්ස් ගේ විශ්ව විද්‍යාල අධයාපනය මාස 6 කට සීමා විය. විශ්ව විද්‍යාල අධයාපනය හදාරන කාල සීමාව තුල ජොබ්ස් ගේ ජීවන රටාව ඉතා දුක්ඛිත විය. ඉගැනීමට තියා කෑමට පවා මුදල් නැති විය. එසේම විශ්ව විද්‍යාලය තුල න්‍යායන් පදනම් ඒකාකාරී දේශණ රටාව ස්ටීව් ජොබ්ස් ට ටික දිනකින් එපා විය. මේ නිසා මාස 6ක් වැනි කෙටි කාලයකින් විශ්ව  විද්‍යාල අධයාපනයට සමු දීමට ස්ටිව් ජොබ්ස් ට සිදු විය. 1972 දී සුප්‍රකට HP සමාගමේ වැඩ කරන කාලය තුල වොසැන්ක්ස් හා එක්ව ඇපල් 1 පරිගනකය නිර්මාණය කල අතර කෙටි කාලයකින් ඇපල් 2 පරිගනකය නිර්මාණය කල අතර එය ඩොලර් 300 කට මිල නියම වූ අතර 4kb රැම් ධාරිතාවයකින් යුක්ත විය. 1976 අප්‍රේල් මස පලමු වන දින ස්ටීව් ජොබ්ස්, ස්ටීව් වොසැන්ක්ස් හා රොලන්ඩ් වේන් හා එකතු වී ඇපල් සමාගම ආරම්භ කරන ලැබීය. ඒ දහසකුත් දුශ්කරතා මැදය. තමන් සතු වොක්ස්වෙගන් වෑන් රථය හා කැල්කි‍යුලෙටරය විකුනා ගත් ඩොලර් 1300 ක මුදලින් ස්ටීව් ජොබ්ස් ගේ නිවසේ ගරාජය තුල ඇපල් සමාගම ආර්ම්භ කෙරිණි. 1997 දි දැනට ඇපල් සමාගමේ ලාංඡනය ස්ටීව් ජොබ්ස් විසින් නිර්මාණය කරනු ලැබීය. එසේ ආරම්භ වන ඇපල් සමාගම ඇපල් පලතුරටත් වඩා ජනප්‍රිය වූ බවට නොරහසකි. එසේම බටහිර ලෝකයේ පිලිගත් කියමන තිබෙයි. ඒ "ස්ටීව් ජොබ්ස් හා ඇපල් යනු දෙකක් නොව එකක්" කියාය.

පෝමස් සගරාවට අනුව 2011 වර්ෂය වන විට ලොව 110 වෙනියට ධනවත්ම පුද්ගලයාද, ඇමරිකාවේ 34 වෙනියට ධනවත්ම පුද්ගලයාද වනුයේ ස්ටීව් ජොබ්ස් ය. 2010 ජූලි වන විට ඩොලර් බිලියන 8.3 ක ආදායමක් ඔහු සතු වූ අතර වාර්ෂික ආදායම ඩොලර් මිලියන 2 ඉකමවයි. මුල් කාලයේ අන්‍යාගමික යකු වූ ස්ටීව් ජොබ්ස් පසුව බුදු දහම වැලදගනු ලැබීය. කෙසේ වුවද 1986 දී පරිපාලන හේතු මත ජොබ්ස් නිර්මාණය කල ඇපල් සමාගමෙන් ඉවත් වීමට  ජොබ්ස් ට සිදු වූ අතර ඒ අනුව NeXT Step නම් ආයතනය ආර්ම්භ කල අතර  මෙම සමාගම නිර්මාණය කල පරිගනකයක් මගින් පලමු වෙබ් අඩවිය www.(World Wide Web) ආරම්භ කරනු ලැබීය. කෙසේ නමුදු ඇපල් සමාගමට නැවත වසර 12 කට පසුව පැමිනි ස්ටීව් ජොබ්ස් එහි ප්‍රධාන විධායක නිලදාරියා බවට පත් වු අතර පසුව ඇපල් සමාගම ඇමරිකාවේ වටිනාම ආයතනය බවට පත් විය. එහි වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 349ක් විය.

කෙසේ නමදු 2003 දී ස්ටීව් ජොබ්ස් ට අග්න්‍යාශයේ පිලිකාවක් තිබෙන බව හදුනා ගත් අතර මාස 5-6 කින් ස්ටීව් ජොබ්ස් මිය යනු ඇතයි වෛද්‍ය නිගමනය විය. නමුදු ලෝකය වෙනස් කල මෙම අද්විතීය පුද්ගලයා මරණයට අභියෝග කලේය. 2003 දි පිලිකාවෙන් පීඩා විදී ස්ටීව් ජොබ්ස් ස්ටැෆර්ඩ් සරසවියේ උපාධි ප්‍රධාන උත්සවයට ප්‍රධාන ආරාදිතයා  ලෙස පැමිණි උපාධියක් නොමැති ජොබ්ස් උපාධිදාරී ශිෂ්‍යන්ට කල කතාව ලෝකයේ විශාල අවධානයක් දිනා ගැනීමට සමත් විය. ස්ටීව් ජොබ්ස් එහිදී සිදු කල කතාව අන්තර්ජාලයෙන් උපුටා ඔබ වෙත ගෙන ඒමට කැමත්තෙමි. කෙසේ වුවද ලෝකය වෙනස් කල ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් නම් විශෂ්ඨ පුද්ගලයා 2011 ඔක්තොම්බර් 5 වන දින ලොවක් හඩවා මෙලොව හැර ගියේය.

1 comment:

  1. --- Kathuratechzone.Blogspot.Com >>>>> Download Now

    >>>>> Download Full

    --- Kathuratechzone.Blogspot.Com >>>>> Download LINK

    >>>>> Download Now

    --- Kathuratechzone.Blogspot.Com >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete

Tricks and Tips