blogger widgets

Sunday, January 18, 2015

අපේ computer එකේ උප්පැන්නේ ඉදලා ඔක්කොම විස්තර ටික එක පාරින් බලාගමු.

කතුරා Tech Zone අපගේ තාක්ෂණික බ්ලොග් අඩවිය එක්ක සම්බන්ධ වෙලා ඉන්න යාලුවෝ ඔක්කොම Kathura Tech Zone වෙත සාදරයෙන් පිලිගන්නවා. 
එක දිගට ලබා දීපු ලිපි මාලාව තුල ඔන්න තවත් අලුත් ලිපියක් අරගෙන තමයි මම ආවේ. මාතෘකාව දැක්ක ගමන් කට්ටිය බලනවා ඇති මේ මොක්ද්ද මේ කියන්නේ කියලා. තමන් භාවිතා කරන computer එක ගැන සම්පූර්ණ විස්තරයක් දැන ගෙන ඉන්න එක ඇත්තටම ගොඩක් වටිනවා. ඒත් ගොඩක් අය තමන්ගේ computer එක ගැන දන්නේ ගොඩක් පොඩි විස්තරයක් විතරයි. ඒ කියන්නේ ගොඩක් අය දන්නේ තමන්ගේ com එකේ තියෙන OS  එක, Ram ධාරිතාව, Hard Drive ධාරිතාව වගේ පොඩි පොඩි දෙවල් ටිකක් විතරයි.
ඒත් මේ වගේ මූලික දෙවල් වලත් සම්පූරණ විස්තරයක් දන්නේ නෑ. දැන් මේක කියවන කට්ටිය හිතනවා ඇති අපිට එච්චර විස්තරයක් මොකටද කියලා. තමන් use කරන com එක ගැන පැහදිලි විස්තරයක් තමන් දන්නවා නම් පරිගනකයේ එදිනෙදා ඇති වෙන ගොඩක් අවුල් වලට තමන්ටම විසදුමක් හොයාගන්න පුලුවන්. ඒ වගේම යාලුවෙක් තමන්ගේ com එක ගැන ඇහුවම දන්නේ නෑ කිව්වම පට්ට අවුල් නේ. ඒ නිසා අද මම මේ දෙන ලිපිය ගොඩක් අයට වැදගත් වෙයි කියලා හිතනවා.
.computer භාවිතා කරන ගොඩක් අය තමන්ගේ PC එක ගැන තොරතුරු දැන ගන්නේ එක්කෝ my computer එක right click කරලා එන විස්තර වලින්. තවත් සමහර අය run එකේ dxdiag කියලා තව ටිකක් තොරතුරු හොයා ගන්නවා.
තවත් පිරිසක් Bios වලින් PC එකේ විස්තර ලබා ගන්නවා. ඒත් මේ හැම තැනකිනම අපිට ලබා ගන්න පුලුවන් වෙන්නේ ගොඩක් සීමා සහිත තොරතුරු ටිකක් විතරයි. ඒ කියන්නේ OS එක සහ දෘඩාංග කොටස් වල. අද දෙන්න යන මේ පොඩි software එකෙන් ඔයාගේ computer එක ගැන සම්පූර්ණ විස්තරයක් පෙන්නනවා.

ඒ කියන්නේ මෙන්න මේ කොටස් ගැන සම්පූර්ණ විස්තරයක් ලබා දෙනවා. Operating System, CPU , Ram , MotherBoard, Graphics, Hard Drive, Optical Drives, Sound

ඒ වගේම පරිගනකයේ දෘඩාංග කොටස් වල ඒ වෙලාවේ පවතින උෂ්ණතවය වගේ ගොඩක් දෙවල් මේකෙන් බලාගන්න පුලුවන්. ඒ වගේම අලුතින් හරි second hand හරි computer එකක් මිලදී ගන්න කොට මේ පොඩි software එක එක දාලා PC එක් ගැන සම්පූර්ණ විස්තරේ බලා ගන්න පුලුවන්. මේ software එකේ නම තමයි Speccy.
හරි ඔන්න පහල ලින්ක් එකට ගිහින් කෙලින්ම බාගන්න තියෙන්නේ. active කරන්න මුකුත් ඕන නෑ. 




                winrar password : kathura

යමින් ගමන් commnet එකකුත් දාගෙනම යන්න. එහෙනම් මම කැපුනා. රැදී සිටින්න සයිබර් අවකාශයේ නව දැනුම සොයා යන kathura tech zone සමග. 

No comments:

Post a Comment

Tricks and Tips