blogger widgets

Wednesday, October 1, 2014

Windows 7 සදහටම Genuine කරමු.


                යාලුවෝ ඔක්කොටම ආයුබොවන් කියන ගමන් තවත් වැදගත් ලිපියක් තමයි kathura tech zone එකෙන් අපි ඔයාලට දෙන්න යන්නේ. මේ වෙනකොට ලෝකේ ජනප්‍රියම මෙහෙයුම් පද්ධතිය windows මෙහෙයුම් පද්ධතිය කියලා ඔයාලා දන්නවා නේ. windows පවුලේ මෙහෙයුම් පද්ධති අතරින් ගොඩක් ජනප්‍රිය ඒ වගේම ගොඩක් අය use කරන මෙහෙයුම් පද්ධතියක් තමයි windows 7 කියන්නේ. 

windows පවුලේ මෙහෙයුම් පද්ධති වල අලුත්ම මෙහෙයුම් පද්ධතිය windows8 වුනත් විවිධ හේතු නිසා මෙම මෙහෙයුම් පද්ධතිය ජනප්‍රිය වුනේ නෑ. මේ නිසා තාමත් ගොඩක් අය සුපුරුදු විදියට Windows 7 ම use කරනවා. පසුගිය ලිපියකින් අපි සියලුම Microsoft Product  active කරන්න පුලුවන් Toolkit එකක් දුන්නා නේ. ඒක අපේ යාලුවන්ට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. 
windows 7  use කරන යාලුවන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි තමන්ගේ මෙහෙයුම් පද්ධතිය active කරගන්න බැරි වෙන එක. active කරනවා කියන්නේ අපි කාටවෙක් original windows සල්ලි දීලා ගන්න අමාරුයි නේ. ඒ නිසා හොර copy යක් තමයි දාගන්නේ. ඉතින් ඔන්න ඔය හොර copy  එක active කරගත්තේ නැත්තම් ලොකු අවුලකට තමයි මූන දෙන්න වෙන්නේ. screen black වෙන එකේ ඉදලා on කරගන්න බැරිවෙන තැන දක්වා මේකෙන් ලොකු වදයක් දෙනවා.

               හරි අද ඉදලා ඒ වදෙත් ඉවරයි කියලා හිතාගන්නකො. කරන්න තියෙන්නේ මේ දීලා තියෙන windows loader එක run කරලා install කරන එක විතරයි. ඊටපස්සෙ restart කරන්න අහයි. restart කරලා My Computer right click > Properties ගියාම ඔයාගේ windows 7 එකත් ලස්සනට Genuine වෙලා තියෙයි. ගොඩක් අය කරගන්න අවුලක් තමයි windows update  ON එකේ තියාගැනීම. Net ගිය ගමන් හොර copy කියලා මාට්ටු වෙනවා. ඒ නිසා ඔයාගේ PC එකෙත් windows update OFF කරලද බලන්න මෙන්න මේ Path එකෙන් ගිහිල්ලා බලන්න. Control Panel\All Control Panel Items\Windows Update\Change settings මෙතනට ගිහින් ඒකේ යටම තියෙන option එක වෙන never check for update කියන එක දාලා ok කරානම් ගොඩ. 

හරි එහෙනම් මෙතනින් ගිහින් මේ software file එක බාගන්නකො. වටේ යන්න දෙයක් නෑ කෙලින්ම ගිහින් බාගන්න තියෙන්නේ. සුපුරුදු විදියට ඉල්ලන password එකට kathura කියලා දුන්නා නම් ගොඩ. .


         Download
එහෙනම් තවත් වැදගත් ලිපියකින් හමුවන තුරු මම සමුගන්නවා. තවත් අලුත් ලිපියකින් හමුවෙන තුරු . රැදී සිටින්න සයිබර් ලොවේ නව දැනුම සොයායන Kathura Tech Zone සමග .


4 comments:

Tricks and Tips