blogger widgets

Tuesday, October 14, 2014

Windows 10 (Technical Preview) එක කෙලින්ම බාගන්න.


                    කට්ටියටම ආයුබොවන් කියන ගමන් ඔන්න අලුත් ලිපියක් අරගෙන තමයි කතුරා ආවේ. ඔයාලා අපි වගේම තව ගොඩක් දෙනෙක් බලාපොරොත්තුවෙන් හිටිය දෙයක් තමයි windows 9 සංස්කරණය. ඒත් ගොඩක් දෙනෙක් නොහිතපු විදියට microsoft සමාගම windows 9 වෙනුවට windows 10 නිකුත් කරන බව කිව්වා. එතකොට windows 9 නැතුවද windows 10 Release කරේ. microsoft  සමාගම මීට කලින් නිකුත් කල windows 8.1 සංස්කරණය නිසා windows 9 නැතුව windows 10 Release කරන්න ඔවුන් තීරණය කරලා තීනවා. 

ඒත් එක්කම එයාලා Windows 10 (Technical Preview) එකත් Release කරා. ඒ කට්ටියට අත්හදා බැලීමක් කරන්න. ඇත්තටම windows 8 , 8.1 සංස්කරණය වලට වඩා windows 10 ගොඩක් වෙනස්. ගොඩක් දෙනෙක් විශ්වාස කරන්නේ windows 8 , 8.1  වලට වඩා windows 10 ගොඩක් ජනප්‍රිය වෙයි කියලා. ඒ වගේම microsoft සමාගම අලුත් update ගොඩක් මේ windows 10 සදහා එකතු කරලා තියෙනවා. 


හරි එහෙනම් windows 10 එක බාගෙන ඔයාලාත් අත්හදා බැලීමක් කරන්නකො. හැබැයි ඉතින් පැහැදිලිවම කියන්න ඕන මේ Release කරලා තියෙන්නේ Windows 10 (Technical Preview)  එක විතරයි. Final Version එක Release  වෙන්නේ ලබන අවුරුද්දෙ මැද විතර කියලා තමා අරංචිය.  Final Version එක Release  උන ගමන් activater එකත් එක්කම ඔයාලට දෙන්න අපි සුදානම්. හැබයි ඉතින් තමන්ගේ OS එක සම්පූර්නෙන් format කරලා windows 10 දාගන්නවා නම් දෙපාරක් හිතන්න. මොකද මේක use කරන කොට යම් යම් ගැටලු ඇතිවෙන්න පුලුවන්. මොකද මේක preview version එකක් නිසා. මේක ISO ෆයිල් එකක් විදියට තියෙන නිසා ලේසියෙන්ම image එකක් විදියට පුච්ච ගන්න පුලුවන්. 

            එහෙනම් මෙතනින් ගිහින් කෙලින්ම බාගන්න,
                            Download

            යනගමන් comment එකකුත් කොටාගෙනම යන්න.
 රැදී සිටින්න සයිබර් අවකාශයේ අලුත් දැනුම සොයායන Kathura Tech Zone එක සමග.

2 comments:

Tricks and Tips