blogger widgets

Tuesday, July 14, 2015

windows පවුලේ අලුත්ම සාමාජිකයාගේ සම්ප්‍රාප්තිය. windows 10

තාක්ශනයේ අලුත්ම පැතිකඩයන් සොයායන Kathura Tech Zone සමග එකතු වෙලා ඉන්න යාලුවො ඔක්කොම blog අඩවියට සාදරයෙන් පිලිගන්නවා. වාණිජ අරමුණකින් තොරව මේ blog එක ලියන එකෙන් කතුරා බලපොරොත්තු වෙන්නෙ ආත්ම තෘප්තියත් , 21 වන සියවස තාක්ෂණයෙන් සවිබල ගැන්වීම. blog එකට add දාල සතේ සතේ හොයනවට වඩා හිගාකෑම හොදයි කියන මතේ තමයි කතුරා ඉන්නේ.
හරි ඔන්න ගොඩක් අය fb එකෙන් සහ පෞද්ගලිකව අහපු ප්‍රශ්නයකට උත්තරයක් තමයි කතුරා දෙන්න යන්නේ.

 ඒ වගේම අනිත් අය වගේ ඇහිදගත්ත කෑලි කෑලි නෙමෙයි සම්පූර්ණ ලිපියක්ම දෙන්න තමයි කතුරාගේ අදහස. අනික මම ලියන ලිපි කිසිම වෙබ් අඩවියකින් උපුටා ගත්ත ඒවා නෙමෙයි. එහෙම ගත්ත නම් refference එක දාන එක තමයි මහත්මා ගතිය. හරි මේ වෙනකොට computer භාවිතා කරන ගොඩක් අය windows පවුලේ මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරනවා කියලා මම විශ්වාස කරනවා. ඒ මොකද ලෝකයේ පරිගනක භාවිතා කරන අයගෙන් 90%ක් විතර කුමන හෝ windows පවුලේ මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරනවා. ඒ අතරින් තාමත් ලෝකේ වැඩිම දෙනෙක් භාවිතා කරන්නේ windows 7. ලංකාව තුලත් මේ තත්වය සමස්තයක් විදියට දැක ගන්න පුලුවන්. ඒ අතරින් තාමත් ටික දෙනෙක් dead os එකක් විදියට සලකන windows XP මෙහෙයුම් පද්ධතියත් භාවිතා කරනවා. 
windows පවුලෙන් මෑතකදි නිකුත් කරපු අලුත්ම සංස්කරණය තමයි windows 8.1 නමුත් microsoft ආයතනය බලාපොරොත්තු වුන තරම් මේ සංස්කරණය ජනප්‍රිය වුනේ නෑ, ඒකට ඉතින් හේතු ගොඩක් බලපෑව. මේ නිසා වැඩි කලක් නොයාම windows 10 නිකුත් කරන්න  microsoft ආයතනය පෙළබුනා. ගොඩක් අය හිතුවේ windows 8 වලින් පස්සෙ windows 9 සංස්කරණය නිර්මාණය කරාවි කියලා. නමුත් ඔවුන් ඒ වෙනුවට windows 10 තමයි හදුන්වා දුන්නේ. ඒ අනුව 2015 වසරේ මුල්කාලයේ ඔවුන් windows 10 ලගදිම නිකුත් කරනවා කියලා ප්‍රකාශ කරා. ඊට ටික කලකට පසු ඔවුන් windows technical preview කියන සංස්කරණයක් හදුන්වා දුන්නා. ගොඩක් දෙනෙක් වැරදියට වටහා ගත්තට මේක සම්පූර්ණ සංස්කරණයක් නෙමෙයි. නමෙන්ම කියනවා නම් technical preview එකක් විතරයි. ඒ නිසා මේ සංස්කරණයෙ ගොඩක් වැරැදි තිබුනා.  microsoft ආයතනය windows 9 හදුන්වා නොදී windows 10 හදුන්වා දීමට ගොඩක්ම බලපෑවේ  microsoft ආයතනය windows 8 වලින් පස්සේ windows 8.1 කියලා වෙනම update එකක් හදුන්වා දීම. 

 microsoft ආයතනය  කාලයක් තිස්සෙ කිව්වට windows 10 හදුන්වා දෙනවා කියලා දිනය හරියටම ප්‍රකාශ කරේ මේ ලහදී. ඒ කියන්නෙ  microsoft ආයතනය  windows 10 නිල වශයෙන් ලෝකයට ඉදිරිපත් කරන්නේ 2015 ජූලී 29. කාරණාවන් කිහිපයක් නිසාම windows 10 පරිශීලකයන් අතර ගොඩක් ජනප්‍රිය වේය කියලා පරිගනක විශේෂඥයන් මෙන්ම  microsoft ආයතනයත් විශ්වාස කරනවා. අන්න ඒ සුවිශේෂිතාවය ගැනත් අපි මෙතනදි කතා කරනවා.
 microsoft ආයතනය  මුලින්ම කියාසිටියා ඔවුන් windows 10 සංස්කරණය ලෝකයට නොමිලේ ලබදෙනවා කියලා. නොමිලේ කිව්වට නොමිලේමද කියලා පොඩි ගැටලුවක් තියෙනවා. ඔවුන් මෙම windows 10 සංස්කරණය නොමිලේම ලබාදෙන්නෙ windows 7 හෝ windows 8/8.1 original භාවිතා කරන අයට පමණයි. ඒ කියන්නෙ තුන්වෙනි ලෝකයේ crack කරලා windows භාවිතා කරන අයට windows 10 නිකන් හම්බවෙන්නේ නෑ ඔන්න. ඒ වගේම ඔවුන් මෙම windows 10 නොමිලේ ලබාදෙන්නෙ 2015 ජූලි 29 ඉදලා අවුරුද්දක් යනකම් විතරයි. ඊට පස්සේ ගන්නවා නම් සල්ලි ගෙවන්න වෙනවා. ඒ වගේම ඔබ භාවිතා කරන්නේ original ම windows 7 හෝ windows 8/8.1 නම් මේ වෙන කොටත් system tray එකේ windows 10 වලට upgrade කරගන්න කියන පණිවිඩය දිස්වෙනවා ඇති. ඒ අයට ජූලි 29න් පස්සේ තමන්ගේ OS එක වින්ඩොව්ස් 10 වලට මාරුකරගන්න පුලුවන්. 
ඒ වගේම ජූලි 29 පස්සේ release වෙන laptops, desktop, tabs, phones වල එන්නේ windows 10 . ඒ වගේම දැනට තියෙන OS එක windows 10  වලට upgrade කරොත් ආපහු පරන සංස්කරණයට මාරු වෙන්න බෑ. ඒ නිසා සම්පූර්ණ දැනුවත් වීමක් නැතිව windows 10  වලට මාරු වෙන්න එපා. කොහොමහරි windows 10  පරිගණක ලෝකයේ microsoft අණසක තවදුරටත් තහවුරු කරනු ඇතැයි microsoft ආයතනය බලාපොරොත්තු වෙනවා. 
හරි එහෙනම් දැන් අපි ලිපියේ වැදගත්ම කොටසට යොමු වෙමු. ඒ තමයි windows 8.1 වලට අමතරව මොනවද windows 10  වලට එකතු කරලා තියෙන විශේෂාංග මොනවද කියලා. මුලින්ම කියන්න ඕන windows 10  වල interface එක ඒ කියන්නේ අතුරුමුහුණත ගොඩක් දුරට windows 8/8.1 වලට සමානයි. හරි මෙන්න මේ features ටික තමයි windows 10  වලට අලුතින්ම එකතු කරලා තියෙන්නෙ. 
01.windows 8 වලින් අහිමි කල start menu එක නැවත ලබාදීම.
windows 10  වලින් windows මෙහෙයුම් පද්ධති වලට අත්‍යවශ්‍ය වුන start menu එක නැවත ලබා දෙනවා. නමුත් windows 8 වල start menu එකක් දක්නට ලැබෙන්නෙ නෑ. ඒ වෙනුවට tiles ක්‍රමයක් තමයි හදුන්වා දුන්නේ. windows 8 ලෝකයේ ජනප්‍රිය නොවීමටත් ප්‍රධාන හෙතුවක් විදියට මේ අඩුපාඩුව හදුනාගෙන තියෙනවා. ඒ නිසා windows 10  වලට start menu එක නැවත ලබාදෙනවා. හැබැයි මේ start menu එක සාමාන්‍ය windows 7 වගේ start menu එකක් නෙමෙයි. මේ start menu එකත් නිර්මානය කරලා තියෙන්නෙ tiles ක්‍රමයට. ඒ වගෙම start menu එකට අමතරව tiles interface එකත් ලබාදෙනවා.

02. cortana on desktop
windows පරිශීලකයන්ට windows 10  වලින් අලුත්ම අත්දැකීමක් ලබාදෙන්න තමයි microsoft ආයතනය සැරසෙන්නෙ. cortana කියන්නේ තවත් සහායක සේවයක්. ඒ කියන්නේ මෙමගින් කටහඩින් පරිගණකය හැසිරවිය හැකි ක්‍රමවේදයක්. මේ තුලින් යම් යම් විදාන කටහඩින් ලාබාදෙන්න පුලුවන්. මෙච්චර කල් apps වලින් කර වැඩේ ඔන්න දැන් windows 10  වල OS එකේම ඇවිත්.


03. X box Live
මොකද්ද මේ X box live කියන්නේ?.ගොඩක් අය නම් දන්නෙ නැතිව ඇති. ඒත් සමහර අය දන්නවා ඇති. විශේෂයෙන්ම Games ගහන අය නම් මේ ගැන දන්නවා ඇති. මෙය games වලටම එක් කල විශේෂාංගයක්. මෙමගින් Games වල විවිධ අවස්තාවන් video clip කර ගැනීම සහ පරිගනක අතර share කර ගැනීමේ පහසුකම තියෙනවා. මේ නිසා Games වල තිබෙන live බව තව දුරටත් රදවා ගන්න පුලුවන්.


04.Project spartan Browser  (ඒජ් බ්‍රවුසරය)
windows 10  වලින් හදුන්වලා දෙන තවත් නවාංගයක් තමයි Project spartan Browser  කියන එක.  windows පවුලේ මෙහෙයුම් පද්ධති වල මෙච්චර කලක් web browser එක වුනේ internet explore කියන වෙබ් බ්‍රව්සර් එක. මේක පාවිච්චි කරනාය දන්නවනෙ මේ browser එක කොච්චර slow ද කියලා. ඒත් windows 10 වලින් හදුන්වලා දෙන ඒජ් බ්‍රව්සර් එක වර්තමානයේ තියෙන අනිත් හැම web browser එකකටම වඩා වේගවත් සහ වැඩි features ගණන්කින් සමන්විත බව තමයි ආරංචිය. ඒ වගෙම මෙම  බ්‍රව්සර් එකෙන් 2D සහ 3D graphics වඩාත් හොදින් පෙන්වනවා. ඉතින් මෙම බ්‍රව්සර් එක නිසා windows 10 වලදී විකල්ප බ්‍රව්සර් වෙත යාමේ අවශ්‍යතාවයක් ඇති වෙන එකක් නෑ. 


05. අලුත්ම office 2016 පැක් එක සමග නොමිලේ ලබාදෙන සීමිත office apps
මේ වෙන තෙක් windows මෙහෙයුම් පද්ධතිය තුල පැවතුනේ office 2013 දක්වා සංස්කරණයන් විතරයි. office 2016  මේ වෙනකොටත් පිටවී තිබුනත් එය නිල වශයෙන් release කරන්නේ  windows 10 සමග. ආරංචි විදියට නම් office 2013 ට වඩා office 2016 තුල වැඩි features ප්‍රමාණයක් තියෙනවා. ඉතින් windows 10 වල මෙම office 2016 ට අමතරව යම් යම් වැඩ කරගත හැකි word, powerpoint ආදී office කට්ටලයක් නොමිලේ ලබාදෙයි. ඉතින් අලුත් office 2016  පැක් එකට මාරු වෙන්න කාලේ හරි.


06. desktop එක කොටස් වලට බෙදා එක වර වැඩ කිහිපයක් කරගැනීමේ පහසුකම. multi tasking
windows 10  පරිශීලකයන්ට හදුන්වාදීලා තියෙන තවත් වැදගත් දෙයක් විදියට මේ multitasking features කියන එක හදුන්වලා දෙන්න පුලුවන්. මේ නිසා එකම වෙලාවක window කිහිපයක වැඩ කරගන්න පුලුවන්. විශේෂයෙන්ම බහුකාර්‍ය වැඩකරන අයට මේ පහසුකම ගොඩක් වැදගත් වෙයි. windows 10  වලින් හදුන්වා දෙන මේ විශේෂාංගය apple පරිගණක එහෙම නැත්තම් mac X os යටතේ කලින් හදුන්වා තිබුනු විශේෂංගයක් වීමත් විශේෂයක්. 

07. windows continuum
මොකද්ද මේ continuum කියන්නේ. මේකත් windows 10 වලින් හදුන්වලා දීපු අලුත්ම විශේෂාංගයක්. windows continuum කියන්නේ ජංගම දුරකතන, ටැබ් වල windows desktop එකක් නිර්මාණය කරගත හැකි apps එකක්. ඉතින් මේ හරහා පරිඅගණකයේ desktop එක mobile එකෙන් පාලනය කරන්න පුලුවන්. නවීන තාක්ෂණය windows 10  සදහා යොදාගෙන තිබෙන බවට හොද උදාහරණයක් විදියට මේක පෙන්වලා දෙන්න පුලුවන්.


08. Action center / control panel 
 windows 10 මගින් setting වලට හා notification වලට එලබීමේ පහසුකම් තවත් දියුනු කරලා තියෙනවා. ඒ අනුව desktop එකේ දකුණු පැත්තෙ slide එකට පිවිස මෙම  setting වලට හා notification වලට පිවිසෙන්න පුලුවන්. ඒ වගේම මේ තුලින්   windows 8 වලට වඩා වෙනස්ම control panel එකක් තම්යි දකින්න ලැබෙන්නේ. ඒකත් windows පරිශීලකයන්ට අලුත්ම අත්දැකීමක්.

09. Universal Apps from apps store
 windows 10  මගින් windows 8 වල apps store එක තවදුරටත් දියුනු කරලා තියෙනවා. ඉතින් තමන්ගේ පරිගණකයට අවශ්‍ය apps ගන්න රට වටේ යන්න ඕන නෑ.  ඒත් ඉතින් මේ පහසුකම අත්විදින්න microsoft account එකක් තියෙන්නත් ඕන. 

10. windows hello
මේකත්  windows 10  මගින් හදුන්වලා දීපු අලුත්ම item එකක්. අපි නම් මේක  windows 10  එන්න කලින් script වලින් කරා. ඒත් දැන්  windows 10  වලින් මේ පහසුකම දීල තියෙනවා. ඒ අනුව පරිගණකය on වෙන කොට තමන්ගේ නම කියලා on වෙනවා. කොහොමද ඉතින් පට්ටයි නේද? මේ නිසා password යෙදීමක් අවශ්‍ය වෙන්නේ නෑ.  තමන්ගේ මුහුණ හෝ ඇගිලි සලකුණු මගින් පරිගණකයට පිවිසිය හැකිය.

kathura tech zone වෙතින් අපි දුන්නේ අනිත් කිසිම web හෝ blog අඩවියක් දුන්නෙ නැති වටිනා දීර්ඝ ලිපියක්. අපි දාන ලිපි අනිත් අය උස්සන නිසාම තමයි copy කරන එක disable කරලා තියෙන්නෙ. එහෙනම්  windows 10  වෙනසට පෙළගැසෙමු. එහෙනම් කතුරා කැපෙනවා.  යමින් ගමන් comment එකකුත් කොටාගෙන යන්න අමතක කරන්න එපා.
රැදී සිටින්න තාක්ෂණයේ නව මං සොයායන kathura tech zone සමග. 

2 comments:

  1. --- Kathuratechzone.Blogspot.Com >>>>> Download Now

    >>>>> Download Full

    --- Kathuratechzone.Blogspot.Com >>>>> Download LINK

    >>>>> Download Now

    --- Kathuratechzone.Blogspot.Com >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete

Tricks and Tips