blogger widgets

Friday, November 28, 2014

අවුල් ගිහිපු Hard එක ලේසියෙන්ම ගොඩ දාගන්න Ashampoo HDD control (with key)

හරි ඔන්න තවත් අලුත්ම software එකක් අරගෙන තමයි කතුරා ආවේ. කොහොමත් හැමදාම අලුත්, වැදගත් ලිපි තමයි kathura tech zone එකෙන් අපි ඔයාලට ගේන්නේ. 


ලැප්ටොප් හරි ඩෙස්ක්ටොප් හරි පාවිච්චි කරන ඕනම කෙනෙක්ට එන අවුලකට විසදුමක් තමයි අද අරගෙන ආවේ. තමන්ගේ කොම්පියුටර් එකේ තියෙන Hard Drive එක ගැන ඕනම කෙනෙකුට පොඩි හරි වැටහීමක් ඇති නේ. තමන්ගේ තියෙන ඕනම document එකක් delete කරන කම් මේකේ රැදිලා තියෙනවා. ඇත්තම කිව්වොත් delete කරයින් පස්සෙත් Hard එකේ මේ දත්ත සමහරක් රැදිලා තියෙනවා. computer hardware ගැන දැනුමක් තියෙන අය නම් මේ Hard Drive එකේ ඇතුලත    ක්‍රියාකාරිත්වය ගැන දන්නවා. සරලවම ගත්තොත් ඉතා සියුම් තැටියක් තමයි මේ Hard එක තුල අන්තර් ගත වෙන්නේ. ඒ තැටියේ තිබෙන දත්ත ඉතා සියුම් කටුවකින් කියවීම තමයි වෙන්නේ. මේක hard drive එකේ ඉතා සරල ක්‍රියාකාරිත්වය විතරයි. 
පාවිච්චි කරන කොම්පියුටර් එක ගැන ටික ටික හරි දැනගෙන ඉන්න ඕන නිසයි කිව්වේ.
සමාන්යෙන් ගොඩක් කල් computer එකක් use කරන කොට වැඩිවාර ගණනක් computer එක format කරාම , virus වල ක්‍රියාකාරිතවය , computer එක use කරන විදිය අනුව hard එකේ එක එක අවුල් වෙන එක සාමාන්‍ය දෙයක්. තමන්ගේ පරිගනකයේ නිර්මාණය වෙන ගොඩක් අර්බුද වලට ප්‍රධාන හේතුවක් තමයි  මේ hard එකේ අවුල.
 සාමන්‍ය්යෙන් hard drive එකේ ඇතිවෙන ප්‍රධාන අවුලක් තමයි Bad Sector නිර්මාණය වීම. hardware දැනුමක් නැති අයට නම් මේක තෙරෙන්නේ නැතුව ඇති.   Bad Sector  තුලදි අපේ කොම්පියුටෙර් hard drive එක තුල නැවත භාවිතා කල නොහැකි ප්‍රදේශ නිර්මාණය වෙනවා. තමන්ගේ  කොම්පියුටෙර් hard drive එක තුල මෙවෙනි Bad Sector නිර්මාණය වීම නිසා දත්ත විනාශ වීම වගේම පරිගනකයේ විවිධ දොෂයන් ඇති වෙනවා. ඉතින් මේ වගේ hard drive එකේ ඇති වෙන අවුල් වලට ලේසියෙන්ම ප්‍රතිකාර කරන්න පුලුවන් software එකක් තමයි Ashampoo HDD  කියන්නේ. 

අද දෙන්න යන්නේ Ashampoo HDD software  එකේ සම්පූර්ණ version එක key එකත් එක්කම. මේක සමාන්‍ය software එකක් install කරන විදියටම install කරන්න තියෙන්නේ. ඊට පස්සේ තමන්ගේ පරිගනකයේ hard drive එක තුල තියෙන අවුල් ඔක්කොම හොයලා ඒවට ප්‍රතිකාර කරන්න පුලුවන්. තමන්ගේ hard drive එකේ දැනට අවුලක් නැති උනත් මේ software  එක install කරලා තියාගන්න එක ඇගට ගුනයි.
එහෙනම් පහල දීල තියෙන link එකෙන් ගිහින් කෙලින්ම software  එක බාගන්න. සුපුරුදු විදියට ZIP ෆයිල් එක extract කරන කොට ඉල්ලන password එකට kathura කියලා දෙන්න.

<<<Download>>>

එහෙනම් තවත් ලිපියකින් හමුවෙන තුරු කතුරා සමුගන්නවා. ලිපිය වැදගත් උනා නම් comment එකකුත් කොටාගෙනම යන්න. රැදී සිටින්න වෙනස් වෙන සයිබර් ලෝකේ අලුත් දැනුම සොයායන kathura tech zone සමග

3 comments:

  1. එල එල තැන්කූ මචන් ගොඩක් වටිනවා.

    ReplyDelete
  2. dropbox error .. kiyala enavaa machoo ..

    ReplyDelete

Tricks and Tips