blogger widgets

Sunday, August 3, 2014

අපි නොදන්න virus part 04

virus වලින් බේරෙන හැටි


ආයුබොවන් වේවා යාලුවො ඔක්කොටම. මම ඔයාලට පොරොන්දු උනා නේ Virus ගැන ලිපි මාලාවක් දෙනවා කියලා . වෙච්ච පොරොන්දු ඉටු කරන එක කතුරගේ හැටි. මම හිතනවා virus ගැන මම මුලින් පලකල ලිපි බලන්න ඇති කියලා .පලවෙනි ලිපිය බලපු නැති කට්ටිය මෙතනින් දෙවනි ලිපියට මෙතනින්  තුන්වෙනි ලිපියට මෙතනින් ඉතින් කට්ටියටම මූලික අවබොධයක් ඇති නේ . නොතේරෙන අයටත් තෙරේන විධියට පුලුවන් තරම් සරල විධියට තමයි මම මේ ලිපි ඉදිරිපත් කරන්නේ . ප්‍රශනයක් තියේනම් අහන්න පුලුවන් . ඒ නැතත් මීටත් වඩා ගැඹුරට ඉගනගන්න කැමති නම් එයාලටත් අතහිත දෙන්න කතුරා සූදානම් . තමන් යම් දෙයක් ගැන පරිණත වෙනකොට වී කරලක් වගේ නැමෙන්න කියලා තමයි කතුරට අම්මා කියලා දීලා තියෙන්නේ . එත් එහෙමෙයි කියලා ඔලුවට අත හොදනකම් බලන් ඉන්නෙත් නෑ ඔන්න . මට බ්ලොග් එකක් කරන්න අදහසක් තිබුනේ නෑ . ඒත් ගොඩක් අයගේ ඉල්ලීමක් තිබුනා කුප්පියක් දාන්න කියලා . ඉතින් විධිමත් විදියට කුප්පි දාන එක තමයි මේ කොරන්නේ. Hikz.........
හරි ඔන්න එහෙනම් මාතෘකාවට බහිමු . කොහොමද මේ  vairus  වලින් බේරෙන්නේ . මං ඉස්සෙල්ලා කිව්වා වගේ කාට හරි තමන්ගේ PC එක Internet , Pen drive ,USB ,CD DVD භාවිතා කරන්නේ නැතුව ඉන්න පුලුවන් නම්  virus වලින් බේරෙන්න පුලුවන් . virus  එනා මාධ‍ය්‍ය අහැරුවා නම් virus  එන්න විධියක් නෑ නේ . ඒත් අද පවතින තාක්ෂණික වටපිටාව ඇතුලේ මේක කරන්න අමාරුයි . ඒ නිසා මෙන්න මේ කරදර කාරී virus  වලින් බේරෙන්න විකල්ප ක්‍රම අනුගමනය කරන්න වෙනවා . බොහො විට අපේ PC එකේ ආරක්ෂාවට මේ උපක්‍රම කීපයක් අනුගමනය කරන්න සිද්ධ වෙනවා . හරි අපි දැන් මේ virus  වලින් බේරෙන්න පුලුවන් ක්‍රම ගැන ටිකක් හාරලා අවුස්සලා බලමු .

01 හොද Antivirus මෘදුකාංගයක් භාවිතා කිරීම
මේක ගැන ඉතින් අපේ උදවියට අමුතුවෙන් කියන්න ඕන නෑ නේ. මොකද ගොඩක් අය  Antivirus  මෘදුකාංගයක්  භාවිතා කරනවනේ . කට්ටියක් සල්ලි දීලා virus guard ගන්නවා. තවත් අය free virus guard භාවිතා කරනවා . තවත් කට්ටියක් crack කරලා හොරාට virus guard  පාවිච්චි කරනවා . මම නම් ඔන්න ජීවිතේට සල්ලි දාලා virus guard  පවිච්චි කරන්නෙත් නෑ free virus guard  use කරන්නෙත් නෑ .
අද වෙනකොට virus guard   නිර්මණය කරන සමාගම් කිහිපයක් බිහි වෙලා තියෙනවා . ඒත් ඉස්සර  virus guard   නිර්මණය කරන සමාගම් ටිකයි නේ තිබුනේ . අද වෙනකොට  එක එක විදියේ virus guard  බිහි වෙලා තියෙනවා . මේවායේ මූලික අරමුණ තමයි virus  වලින් පරිගනකය ආරක්ෂා කරන එක . ඒත් මේවායින් ලබාදෙන ආරක්ෂාව විවිධාකාරයි . ඒක virus guard එකේ තාක්ෂණය මත තමයි තිරනය වෙන්නේ . හරි මේ තියෙන්නේ ලොකේ ජනප්‍රිය Antivirus මෘදුකාංගයක කිහිපයක් ,
* Kaspersky
* Eset
* Avira
* Avast
* Panda
* AVG
* Bitdefender

ඔය කිව්වෙ ටිකක් විතරයි . Net එකේ search කරාම ඔයාට විවිධ වර්ගයේ virus guard  හදුනාගන්න පුලුවන් . ඒත් ගොඩක් දෙනෙක් use කරන්නෙ උඩ දාල තියෙන virus guard  තමයි . මෙතනින් bitdefender , Kaspersky වගේ virus guard  දාන්න නම් ඔයාගේ PC ටිකක් හොද මට්ටමේ වෙන්න ඕන . නැත්තම් Slow වෙනවා එපා වෙන්නම . ඒ වෙලාවට හිතෙනවා ඉතින් virus යන එක හොදයි කියලා. ඒ කොහොම වුනත් ඕනම virus guard එකකින් com එක ටිකක් හරි Slow වෙනවා . ඒක ඉතින් තීරනය වෙන්නෙ machine එකේ Procecer  එක Ram එක අනුව තමයි . ගොඩක් Internet පාවිච්චි කරනව නම් internet security එකක් use කරන එක ඇගට ගුනයි . ඒ වගේම ඕනම කෙනෙක් usb ගොඩක් use  කරනවා නේ . ඒ නිසා USB security එකක් use  කරන එක හොදයි . හැබයි ඉතින් කොච්චර හොද virus guard එකක් use  කරත් වැඩක් නෑ . ඒක හරියට update (යාවත්කාලීන) කරන්නේ නැත්තම් . ගොඩක් අය බයට හරි update  කරනවා . ඒත් ඒ මොකද කියලා ලොකු දැනුමක් නෑ . virus guard  එකක් කියන්නේ virus  හදුනා ගන්න එකක් නේ . ඒකට පුලුවන් virus guard එකේ last update දවස දක්වා virus  අදුන ගන්න විතරයි . පරන update එකක් තියෙනව නම් අලුත් virus  අදුන ගන්න බෑ . ඔන්න ඔය නිසයි  virus guard නිතර නිතර update කරන්න කියන්නේ . කතුරා නම් කියන්නේ virus guard සතියකට වතාවක් වත්  update කරන්න කියලා . දවස ගානේ කරන්න පුලුවන් නම් ඊටත් හොදයි .

02 Internet use කරනකොට පරිස්සම් වීම .
මීට පෙර ලිපි වලින් කිව්වා වගේ ගොඩක් virus  එන්නෙ internet එකෙන් නේ . ඔයාලා නොදන්න නොහිතන පැති වලින් මෙන්න මේ virus  එන්න පුලුවන් . සමහරු නොහිතන face බුකියෙන් පවා virus  එන්න පුලුවන් . අද වෙනකොට ගොඩක් අය එක එක මගුල් බාන්න ගොඩක් ම use කරන්නෙ torrent . එක එක torrent වර්ග තියෙනවා නේ . ගොඩක් අය use කරන්නෙ Utorrent හරි bit torrent නේ . ඔයාල දන්නවද අද වෙනකොට මේ torrent සයිට් වල hacker අයියලා නවාතැන් අරගෙන ඉන්නේ . මම ඉස්සෙල්ල කිව්වා නේ hacker අයියලා ගේ අරමුණ . මෙයාලා ටොරන්ට් site වලට දාන ෆයිල් අස්සේ trojan වගේ virus   එවනවා . අපේ කට්ටියත් ගෙඩි පිටින් බාලා extract කර ගමන් සොරි තමයි . ඒ නිසා torrent  වලින් බානකොට පරිස්සම් වෙන්න . අනිත් එක තමයි අපේ උදවිය net ගියාම දකින දකින link click කරනවා නේ.සමහර විට මේ ලින්ක් spam වගේ virus වෙන්න පුලුවන් . ඕකට ගම් වල නම් හොද ප්‍රස්ථාපිරිළු තියෙනවා. අර "අහක යන නයි...." ගේ කතාව .

03 Pen Drive භාවිතයේදී සැලකිලිමත් වීම .
ගොඩක්ම virus එන්නේ පෙන් වලින් නේ. අද වෙනකොට PC එකක් නැති අය පවා Pen Drive  එකක් use  කරනවනේ . මේව ඉතින් දකින දකින හැම machine එකකම ගහනවනේ . මම නම් කියන්නේ virus   නෑ කියලා දිවුරලා කිව්වත් Scan කරන එක තමයි ඇගට ගුණ . අවධානමට පෙර සුදානම කියලා කතාවක් තියෙනව නේ . අනිත් එක තමයි පෙන්  එක open කරන කොට Double click කරලා open  නොකර වම් පැත්තෙ මෙනු බාර් එකෙන් පෙන් පොජ්ජ තොරලා open  කරන එක . අනිත් එක තමයි පෙන් එක උඩ right click කරලා පෙන් පොජ්ජ open  කරන එක . ඕවා තමයි tricks . තව ඉතින් තමන්ගේ virus guard එකේ අලුත් අප්ඩේට් එකක් නැත්ත්ම් පෙන් open   නොකරන එක ඇගට ගුනයි .

04 සොෆ්ට්වේයාර් crack  ,  patch භාවිතා කරන කොට සැලකිලිමත් වීම .
crack  ,  patch  කියන්නේ මොනවද කියලා මං කලින් ලිපියක කිව්වා නේ . software crack කියන්නේ trial software   active කරන්න use කරන දෙයක් නේ . බොහො විට මේ software crack  හදන්නේ hackers ලා . මේවයි පොඩි පොඩි virus අමුණලා එවීමේ අවදානමක් තියෙනවා . හැබැයි මේවායේ වැඩ පොඩි නෑ . ගොඩක් වෙලවාට torrent වලින් බාන  software crack   වල මේ අවධානම තියෙනවා . ඒ නිසා සොෆ්ට්වේයාර් crack  ,  patch  වලින් ඇක්ටිව් කරන්නේ නෙතුව key use කරන්න පුලුවන් නම් හොදයි .
මීට අමතරව පරිගනකයේ පෞද්ගලිකත්වය තියා ගැනීම , user account 2ක් භාවිතා කිරීම , පරිගනකයට මුරපදයක් භාවිතා කිරීම , පරිගනකයේ firewall එක on කර තැබීම වගේ උපක්‍රම භාවිතය මගින් පරිගනකයේ ආරක්ෂාව තහවුරු කරගන්න පුලුවන් .

අතේ ඇගිලිත් හිරි වැටිලා . ඒත් මේක කියවන අය තමන්ගේ දැනුම වර්ධනය කරගත්තා නම් සතුටුයි . බ්ලොග් එකේ පලවෙනි ලිපි මාලාව ඉවර කරන්න තමයි යන්නේ . ඉතින් බ්ලොග් එක ගැන ඔයාලගේ අදහස් කතුරට ගොඩක් වටිනවා . ඒ වගේම ගැටලුවක් තිබුනොත් එකටත් පිලිතුරු දෙන්න කතුරා සුදානම් . එහෙනම් virus ගැන ඉදිරිපත් කර කුප්පි මාලාව සමාප්තයි . හැමදාම කියනවා වගේ අලුත් වන තාක්ෂණයත් එක්ක එකතු වෙන්න kathura tech zone සමග අත්වැල් බැදගන්න කියලා ඇඩ්මින් කතුරා ඉල්ලා සිටිනවා . ලගදිම තවත් වැදගත් ලිපියකින් හමු වෙමු .

1 comment:

  1. supiri ban...hacking ganath danna gaburu sankirna karunu tikak ....ela....

    ReplyDelete

Tricks and Tips