blogger widgets

Tuesday, August 12, 2014

slow වෙන computer එක නිට්ටාවට සුවකරමු. Part No:01

කොහොමද computer එක slow වෙන්නේ ?


සියලු දෙනාටම ආයුබොවන් කියන ගමන් ඔන්න අදත් වැදගත් මාතෘකාවක් ගැන ඔයාල දැනුවත් කරන්න හිතුවා . kathura tech zone එකේ පසුගිය ලිපි කියවපු අයගේ ඉල්ලීමක් මත තමයි මේ ලිපිය ඉදිරිපත් කරන්නේ.  ගොඩක් අය අද වෙනකොට computer use කරන එක සාමන්‍ය දෙයක් නේ . ඒත්   computer use  කරන ගොඩක් අය computer   එකේ දිගුකල් පැවත්මට , slow වෙන එකෙන් බේරෙන්න කරන්න ඕන මොනවද කියලා හරියට දන්නේ නෑ . සමහර විට ඔයාලා නොදනුවත්ව කරන කරන සමහර වැඩ ඔයාගේ computer එක slow  වෙන්න ප්‍රදාන හේතුවක් . මේ ලිපි මාලාව කියෙව්වාම ඔයාලට අදහසක් එයි කොහොමද computer එක හරියට use කරන්නේ කියලා . සමහර අය core i3 , core i5 වගේ machine   use  කරාට speed එක pentium 4 වගේ. ගොඩක් අයට තියෙන අවුලක් තමයි ඇයි එහෙම වෙන්නේ කියලා . 
ගොඩක් අය අත්දෙකීමෙන් දන්නවා machine   එක format කරලා මුල් දවස් වල පට්ට speed එකක් තියෙනවා. ඒත් ටික දවසක් යනකොට machine    එකේ speed  එක ඉබි ගමනක් වගේ. machine    එක slow වෙන්න හෙතු කාරණා ගොඩක් බලපානවා. ඉස්සෙල්ලා මම කිව්වා වගේ ඔයාලා නොදැනුවත්ව කරන වැඩ නිසා ඔයාගේ කොම්පීතරේ slow වෙනවා.  slow වෙන machine   එක speed කරන්න ඉස්සෙල්ලා slow වෙන්න හේතු හොයාගන්න එපයි. ඒක නිසා මුලින්ම computer එක slow වෙන්න හෙතු හොයා ගන්න වෙනවා. මෙන්න මේ හෙතු නිස තමයි  ඔයාගේ computer එක slow වෙන්නේ.
* virus අවුල.
* පරිගනකයේ දෘඩාංග වල ඇතිවන යම් යම් ප්‍රශ්න
* Drivers වල තිබෙන ගැටලු. 
*  යම් යම් මෘදුකාංග වල ගැටලු .
* පරිගනකයේ ප්‍රධාන මෙහෙයුම් පද්ධතිඅය ආශ්‍රිතව ඇති වන ගැටලු.
* startup වන මෘදුකාංග ප්‍රමාණය වැඩි වීම.
* Skin pack සහ Themes භාවිතය.
* Virus  Guard 
* 32 bit & 64 bit ගැටලුව.
*  නොගැලපෙන OS තොරාගැනීම.
* අනවශ්‍ය ෆයිල් පරිගනකය තුල එකතු වීම.
* පරිගනකයේ C particion   (System particion) එක පිරීයාම
* Desktop එක icon වලින් පිරීයාම.
වගේ  හේතු ඔයාගේ computer එක slow වෙන්න ප්‍රධාන හේතු විධියට සලකන්න පුලුවන්. හරි එහෙනම් අපි දැන් මේ එක එක හේතු වෙන වෙනම කෙටියෙන් සලකා බලමු. 

01. virus අවුල.
ඔයාගේ පරිගනකය slow වෙන්න ප්‍රධානම හෙතුවක් තමයි මෙන්න මේ කියන virus අවුල. පරිගණක virus ගැන මේ blog එකෙන්ම ඔයාලට ලොකු දැනුමක් දුන්න නේ. එක නිසා මම හිතනවා නැවත ඒ ගැන පැහදිලි කිරීමක් අවශ්ය වෙන එකක් නෑ කියලා. 
* Virus ගැන පලවෙනි ලිපියට මෙතනින්
* Virus  ගැන දෙවෙනි ලිපියට මෙතනින්
* Virus ගැන තුන්වෙනි ලිපියට මෙතනින්
* Virus ගැන හතරවෙනි ලිපියට මෙතනින්



02. පරිගනකයේ දෘඩාංග වල ඇතිවන යම් යම් ප්‍රශ්න
පරිගනකය slow වෙන්න පුලුවන් අනිත් විදියක් තමයි මෙන්න මේ කියන පරිගනකයේ දෘඩාංග වල ඇතිවන යම් යම් ප්‍රශ්න. විශේෂයෙන් කාලයක් කොම්පීතරේ use කරන කොට මේ වගේ දෘඩාංග ආශ්‍රිත ප්‍රශන ඇති වෙන්න පුලුවන්. විශෙෂයෙන්ම මෙන්න මේ අවුල වෙන්නේ පරිගනකයේ Ram , Processor , Fan , motherboard  වල අවුලෙන් තමයි. ඒකට ඉතින් Hardware ගැන දැනුමක් තියෙනවනම් මාසයකට දෙකකට වතාවක් computer  එක clean කරන එක තමයි ඇගට ගුන. 


03 .Drivers වල තිබෙන ගැටලු. 
පරිගනකය slow වෙන තවත් ප්‍රධාන ක්‍රමයක් තමයි පරිගනකයට අවශ්ය Drivers නිසියාකාරව ස්ථාපනය කර නොතිබීම. .Drivers  කියන්නේ පරිගනකයේ ක්‍රියාකාරීත්වයට අත්යවශ්ය දෙයක්. Drivers ගැන සම්පූර්ණ ලිපියක් ලගදිම Kathura Tech Zone හරහා ඔයාලට ගේන්න මම බලාපොරොත්ටු වෙනවා. මෙන්න මේ path එකෙන් ගිහින් ඔයාගෙ කොම්පීතරීටත් හරියට Drivers වැටිලද කියලා බලාගන්න පුලුවන්. My comuter right click > Manage > Device Manager.


04 . යම් යම් මෘදුකාංග වල ගැටලු .
ඔයලා භාවිතා කරන යම් යම් මෘදුකාංග හරහා computer එක slow වෙන්න පුලුවන්. විශෙෂයෙන්ම  active නොවුනු Trial / Expired වෙච්ච software හරහා මේ තත්වය ඇතිවෙනවා. ඒ වගේම තමයි මෙම Trial / Expired  software   නිතරම දොෂ පණිවිඩ නිකුත් කරනවා. විශේෂයෙන්ම පරිගනකය On වෙන වෙලවාට මෙම දොෂ පණිවිඩ නිකුත් වීම හරහා එය පරිගනකය slow වීමට ප්‍රධාන හෙතුවක් වෙනවා. ඒ වගේම සමහර විට අපි use කරන software පරිගනකයට බර වැඩියි. උදා -: Coral Draw, Photoshop CC, Maya,


05 . පරිගනකයේ ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය ආශ්‍රිතව ඇති වන ගැටලු
ඔයාගේ කොම්පීතරේ slow වෙන්න ප්‍රධාන හෙතුවක් විදියට මෙන්න මේ  පරිගනකයේ ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය ආශ්‍රිතව ඇති වන ගැටලු පෙන්වා දෙන්න පුලුවන්. මෙහෙයුම් පද්ධතිය තුල සිදුවන යම් යම් බිද වැටීම් හරහා සමහර විට දොෂ පණිවිඩ (Error Message) නිකුත් වෙන්න පුලුවන්, ඒ හරහා පරිගනකය slow වෙන්න, සාමන්‍ය ක්‍රියාකාරීත්වය බිද වැටෙන්න පුලුවන්. තවත් අවුලක් තමයි මෙහෙයුම් පද්ධතිය active කර නොතිබීම. ඒ හරහා පරිගනකය slow වෙන්න වැඩි ඉඩකඩක් පවතිනවා. windows 7 වල තිරෙ කලු වෙන අවුල කවුරුත් දන්නවනේ, ඒ වගේම windows වගේ මෙහෙයුම් පද්ධතියක් තියෙන machine වල windows update ON කර තිබීමද පරිගනකය මන්දගාමී වීමට ප්‍රධාන හේතුවක්. 


06 .startup වන මෘදුකාංග ප්‍රමාණය වැඩි වීම.
ගොඩක් අයගේ කොම්පීතර වල එක එක softwares , appilications ගොඩක් startup වෙනවනේ. .startup  වෙනවා කියන්නේ com එක on වෙන කොටම start වෙන එකට. මෙන්න මෙහෙම ගොඩක් softwares , appilications ,  startup වෙනකොට com එක On වෙන්න අමතර වෙලාවක් වැය වෙනවා . ඉතින් එතකොට com එක slow වෙනවා. භය වෙන්න එපා startup   softwares , appilications  අයින් කරන විදිය අනිත් ලිපියෙන් කියලා දෙනවා. 


07 .Skin pack සහ Themes භාවිතය.
ගොඩක් අය ඉතින් තමන්ගේ machine එක ලස්සනට තියාගන්න ආසයි නේ. ඒක නිසා දකින දකින Skin pack  Themes දාගන්නවා. ඔයාගේ com එක slow වෙන්න ප්‍රධාන හෙතුවක් තමයි ඔය කියන Skin pack  Themes install කරන එක. windows 7 වල glass theme එකත් එක උදාහරණයක්. ඒ වගේම අද වෙනකොට නානාවිධ Skin pack  Themes  තියෙනව නේ. 


08 .Virus  Guard 
කට්ටිය බලයි මේ මොකද්ද මේ කියලා . ඒත් දන්නවද ඔයාලා use කරන Virus  Guard  ඔයාගේ com එක slow වෙන්න එක හෙතුවක්. මේ අතරිනුත් kaspersky, Bitdefender වගේ Virus  Guard මූලික වෙනවා. ඒ නිසා කතුරා සමාන්‍ය computer වලට යොජනා කරන්නේ Avira,Eset,Avast වගේ Virus  Guard .


09 .32 bit & 64 bit ගැටලුව.
ගොඩක් අය 32 bit & 64 bit කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නෑ නේ. OS එක 32 bit & 64 bit කියලා වර්ග 2ක් තියෙනවා. සාමාන්‍යෙන් 4gb ram හො ඊට උඩ ram ධාරිතාවක් තියෙන පරිගනක වලට තමයි  64 bit  OS එක දාන්නේ, ඒත් 2gb ram තියෙන machine වලට  64 bit  දැම්මට කමක් නෑ . මොකද  64 bit  එකේ යම් යම් වාසි තියෙනවා. ඒ ගැන තවත් ලිපියකින් කියලා දෙන්නම්. ගොඩක් අය 32 bit & 64 bit මෙහෙයුම් පද්ධති නිසි ලෙස තොරා නොගැනීම නිසා අමාරුවේ වැටෙනවා. ඒ හරහා පරිගනකයslow වෙනවා.


10 .නොගැලපෙන OS තොරාගැනීම.
ගොඩක් අය තමන්ගේ computer එකට අදාල නොවන OS තොරාගැනිම හරහා com එක  slow කරගන්නවා. computer එකේ ram ධාරිතාව ගැන අවබොධයක් නැතුව windows 8 වගේ  OS එක තොරගැනීම මීට හොදම උදාහරනයක්.


11 .අනවශ්‍ය ෆයිල් පරිගනකය තුල එකතු වීම.
ඔයාල දන්නවද, ඕනම PC එකක් කාලයක් use කරන කොට අනවශ්ය File කොටස් C particion එක තුල එකතු වෙනවා. මෙන්න මේ සධකයත් ඔයාගේ PC එක slow වෙන්න ප්‍රධාන හෙතුවක්.


12 .පරිගනකයේ C particion   (System particion) එක පිරීයාම
ගොඩක් අය දැනුවත්ව හො නොදැනුවත්ව පරිගනකයේ C particion   (System particion) එක පිරී යාම හරහා පරිගනකය යම් තාක් දුරට slow වෙනවා.  ඒ අනුව C particion   එකට අදාල වන Desktop  එකට User folder වලට අන්වශ්‍ය File  copy කිරීම හරහා computer එක slow වෙන්න පුලුවන්.


13 .Desktop එක icon වලින් පිරීයාම.
ගොඩක් අයගේ  com වල desktop,     icon  වලින් පිරිලා  නේ තියෙන්නේ. හැම software, application එකකම short cut ඩෙස්ක්ටොප් එකට copy කරන එක සමහර අයගේ පුරුද්දක් නේ. ඉතින් ඔන්න ඔය Desktop එක icon වලින් පිරීයාම හරහා com එක යම් තාක් දුරට slow වෙන්න පුලුවන්. මොකද PC එක ON වෙනකොට මේ හැම icon එකක්ම load වෙන්න අවශය නිස.


මේ ලිපිය කියෙව්වම පරිගනකය slow වෙන්න බලපාන ගොඩක් හෙතු තියෙනවා කියලා ඔයාලට තෙරෙනවා ඇති. ඒත් මේ හෙතු වලට අමතරව තව විවිධ හෙතු ඔයාගෙ  com එක slow  වෙන්න බලපානවා. මීලග ලිපියෙන් slow වෙන computer නිට්ටාවට සුව කරන විදිය කියලා දෙන්නා දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් එක්වී සිටින්න තාක්ෂණයේ අලුත් තොරතුරු සොයා යන Kathura Tech Zone සමග. මතක ඇතුව comment එකකුත් කොටලම යන්න. 

No comments:

Post a Comment

Tricks and Tips