blogger widgets

Tuesday, August 12, 2014

slow වෙන computer එක නිට්ටාවට සුව කරමු. part no:02

slow වෙන පරිගනකය නිට්ටාවට සුව කරමු.


කට්ටියටම ආයුබොවන් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉස්සෙල්ල මම කිව්ව නේ කොහොමද computer   slow  වෙන්නේ කියලා, මේ blog එක කියවපු යාලුවන්ගේ ඉල්ලීමක් මත තමයි මේ ලිපි ඉදිරිපත් කරන්නේ. Kathura Tech Zone යටතේ අපි ඔයාලට හැමදාම ඉතින් දෙන්නේ අලුත්ම දෙවල් නේ. හරි පසුගිය ලිපිය කියවපු යාලුවො හොදට දන්නවනේ කොහොමද computer එක slow වෙන්නේ කියාලා. ඒ ලිපිය කියවපු නැති කශ්ටිය මෙතනින් ගිහින් පලවෙනි ලිපිය කියවන්නකො. 
හරි එහෙනම් දෙවෙනි ලිපියෙන් කියන්න  යන්නේ කොහොමද  මේ slow වෙන පරිගනකය නිට්ටාවට සුවකරන්නේ කියලා. පලවෙනි ලිපිය කියවපු යාලුවන්ට පොඩි අදහසක් ඇති කොහොමද slow නොවෙන්න computer එක use කරන්නේ කියලා. 
හරි එහෙනම් computer එක slow නොවෙන්න මෙන්න මේ විදියට කරා නම් ගොඩ. 
* හොද virus guard එකක් භාවිතා කිරීම.
computer එක slow වෙන්න ප්‍රධානම හෙතුවක් තමයි පරිගනකයට virus attach වෙන එක. ඒකට ඉතින් හොද virus guard එකක් use කරන්න ඕන. virus ගැන මම දාපු ලිපිය කියෙව්වා නම් ඔයාලට ඒ ගැන හොද අවබොධයක් ලබා ගන්න පුලුවන්. ඒ වගෙම virus guard එකක් තොර ගන්න කොට තමන්ගේ system එකට ගැලපෙන virus guard එකක් තොරගන්න එක බුද්ධිමත් වැඩක්. කොච්චර හොද virus guard එකක් use කරත් වැඩක් නෑ ඒක අවශ්‍ය වෙලාවට update කරන්නේ නැත්තම්. 


* තමන්ගේ system එකට ගැලපෙන ප්‍රමාණයට පමණක් software install කිරීම. 


* Trial, Expired software අයින් කිරීම හො active කිරීම.

* මෙහෙයුම් පද්ධතිය Active කර ගැනීම.

* පරිගනකයේ දෘඩංග වල ක්‍රියාකාරීත්වය ගැන සැලකිලිමත් වීම හා අවශ්‍ය විට clean , repairs කිරීම.

* startup වන අනවශ්‍ය මෘදුකාංග ඉවත් කිරීම.
 මේක නම් ටිකක් මීටරෙන් කරන්න ඕන. windows botton එක සමග "R" key එක ඔබා run එක ගන්නකො. ඊටපස්සේ run එකේ msconfig කියලා ගහලා එන window එකේ startup  කියන එක තොරල අනවශ්‍ය මෘදුකාංග Disable කරගන්නකො. හැබයි ඔතන තියෙන system නම්  Disable  කරන්න එපා. ඔන්න පස්සේ වැඩෙ අනාගෙන කතුරට බනින්න එපා. startup වන අනවශ්‍ය මෘදුකාංග ඉවත්කරලා බලන්නකො machine එක කොච්චර speed වෙනවද කියලා. 
වැඩේ හරියටම කරගන්න මෙතනින් ගිහින් මේ video එක බලන්නකො.

* C particion  එක පුලුවන් තරම් free එකේ තියාගන්න එක හා desktop icon සීමා කරගැනීම.
මේකේ දි ඉතින් format කරන කොට C particion  එකට වැඩි ඉඩක් ලබා දෙන්න පුලුවන්. සමහර අයට C particion  එක පුලුවන් තරම් free එකේ තියාගන්න කිව්වම desktop  එකයි user වලයි ෆයිල් ගොඩගහනවා. ඔය කියපු කොටස් දෙකම සම්බන්ධ වෙන්නේ C particion  එකට නිසා ඒකටත් copy කරන්න එපා ඉතින්. 

* තව එකක් තමයි skin pack , Theme භාවිතය සීම කිරීම. ඒකට ඉතින් දකින දකින හැම skin pack , Theme එකම use කරන්නේ නැතුව ඉන්න ඕන. හැබයි ඉතින් මම කියන්නේ නෑ skin pack , Theme use කරන්න එපා කියලා. හැමදේම limit ඇතුව කරන එක ඇගට ගුනයි නේ.    :p.....

* තවත් ප්‍රදාන කාරනයක් තමයි තමන්ගේ system එකට ගැලපෙන OS එක තොරාගැනීම. ඒ වගේම 32 bit 64bit ගැන සැලකිලිමත් වෙන්න ඕන. 
ඔන්න ඔය කාරණා තමයි ප්‍රධාන වෙන්නේ . දැන් වෙනකොට PC tuneup, PC cleaner සොෆ්වෙයාර් ගොඩක් තියෙනව නේ. මෙන්න මෙව්ව හරහත් පරිගනකයේ අනවශ්‍ය file ඉවත් කරලා PC එක ස්පීඩ් කරගන්න පුලුවන්. 

CC cleaner 


මේකෙන් ඔයාගේ PC  එකේ අනවශ්‍ය දේවල් ඉවත් කරලා PC එක ස්පීඩ් කරලා දෙනවා. හරි ඔන්න එහෙනම් මෙතනින් ගිහින් ඒක download කර ගන්නකො.



Wise Care


Wise Care කියලා කියන්නෙත් ගොඩක් හොද software එකක්. ඔන්න එහෙනම් මෙතනින් ගිහින් ඒක download කරගන්නකො.
       

AVG PC tuneup


AVG PC tuneup සොෆ්ට් එකෙනුත් slow computer ස්පීඩ් කරන්න පුලුවන්. එහෙනම් ඒක මෙතනින් ගිහින් බා ගන්න
යාලුවන්ගේ ගොඩක් ඉල්ලීමක් මත ඔන්න ඔයාලට වැදගත් ලිපියක් ගෙනවා. මම හිතනවා ලිපිය කට්ටියටම ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් ඉතින් comment එකකුත් කොටලම යන්න. එක් වී සිටින්න Kathura tech Zone එක සමග. 

No comments:

Post a Comment

Tricks and Tips