blogger widgets

Sunday, August 3, 2014

අපි නොදන්න virus part 02

කොහොමද මේ virus එන්නෙ ,




kathura tech zone යටතේ ලියන දෙවෙනි ලිපිය තමයි මේ. මේකත් පලමු ලිපිය හා සම්බන්ධ වෙනවා. පලවෙනි ලිපිය බැලුවෙ නැති කට්ටිය මෙතනින් ගිහින් ඒ ලිපිය බලලා ඉන්නකො,
හරි එහෙනම් අපි කතා කර කර හිටියේ computer virus ගැන නේ, ඉතින් පලවෙනි ලිපිය කියෙව්වා නම් virus ගැන මුලික දැනීමක් ලැබෙන්න ඇති කියලා විශ්වාශ කරනවා. පලවෙනි ලිපියෙන් මම කිව්වා නේ virus වර්ග සහ virus වලින් බේරෙන ක්‍රම මේ blog එකෙන් කියල දෙනවා කියලා. හරි මම කිව්වා වගේ virus හදන්නේ ගොඩක් දුරට Hackers ලා ඒ වගේම Virus Guard හදන උදවිම තමයි.හරි අපි මුලින්ම අදුනගන්න ඕන කොහොමද මේ virus අපේ Computer එකට එන්නෙ කියලා. එකට මාර්ග ගනනාවක් තියෙනවා. ඉස්සර නම් virus එකක් Attach වෙන්නේ කලාතුරකින්. මගේ machine එකටත් virus එකක් අවා කියලා ඉස්සර අපි කිව්වෙ ගොඩ්ක් ආඩම්බරෙන්, ඒකාලේ virus නම් ආවත් නෑ වගේ නේ. ඒත් අද කාලේ virus කියන එක සාමාන්ය දෙයක් වෙලා. හරි වැඩි කතා වැඩක් නෑ අපි බලමු මොනවා හරහද මේ virus එනනේ කියලා.
1 අන්තර්ජාලයෙන් Internet
2 විද්යුත් තැපැල Email
3 Pen Drive / USB
4 CD /DVD
5 Floppy Disk
6 Document Files (word, pdf)
7 සමහර මෘදුකාංග හරහා
8 Crack සහ Patch
තවත් විවිධ ක්‍රම තියෙනවා. ඒ වුනාට ප්‍රධාන වෙන්නේ මේ ටික තමයි.
හරි දැන් අපි බලමු කොහොමද මේ ක්‍රම වලින් Virus එන්නෙ කියලා. අද වෙන කොට අපේ කට්ටියට Internet කියන්නෙ අමුතු දෙයක් නෙමෙයි නේ, ඕනම කෙනෙක් තමන්ගේ computer එකෙන්ම net එක සාමාන්ය දෙයක් නේ. සමහර අය Internet කියන්නෙ මොක්ද්ද කියලා දන්නෙ නැති උනාට මූණු පොත ගැන දන්නවනේ, ඉතින් ඔන්න ඔය කියන Internet හරහා අපිට Virus ලැබෙන්න පුලුවන්. විශේෂයෙන්ම Download හරහා තමයි මේ Virus එන්නෙ. අපි net එකෙන් මොනව හරි  Download  කරපුවම ඒ File එක හරහා Virus එන්න ලොකු අවධානමක් තියෙනවා. සමහර විට අපේ කට්ටිය සීමාවක් නැතිව එක එක Site වලින් එව්ව මෙව්වා බානවා නේ. විශේෂයෙන්ම Zip කරපු ෆයිල් බානකොට මේ තත්වය ඇති වෙන්න පුලුවන්. ඒකට ඉතින් දකින දකින හැම Site එකටම යන්නෙ නැතුව අවධානමක් තියෙන ෆයිල් බාන්නෙ නැතුව හිටිය නම් හරි. ඒ වගෙම මොකක් හරි බානන් ඉස්සෙල්ලා rate එකයි comment බැලුවම දළ අදහසක් ගන්න පුලුවන්. ඒත් මේකත් හැම වෙලේම හරි යන්නෙත් නෑ . ඒ වගේම දැන් ගොඩක් කට්ටිය එක එක දේවල් බාන්න use කරන්නෙ torrent නේ. ඇත්තටම තාක්ෂනයත් එක්ක ආපු වටින දෙයක් තමයි මේ කියන Torrent technolgy එක.ඒත් torrent use  කරන ඔයලා දන්නවද torrent site වලින් එක එක දෙවල් බානකොට අපෙ කොම් එකට Virus එන්න ලොකු අවදානමක් තියෙනවා. ඉතින් torrent  වලින් බානකොට විශ්වාස වන්ත site වලින් බාන එක ඇගට ගුනයි. ඒ නැතත් හොද Internet Virus Guard එකක් Use කරනවා නම් ගොඩක් දුරට ආරක්ෂිතයි.
අපේ කොම්පීතරෙට Virus  එන තවත් ක්‍රමයක් තමයි Email . Email කිව්වම කට්ටිය දන්නවනෙ මොකක්ද කියලා. සමහර විට මෙන්න මේ Email හරහා අපිට attach file ලැබෙන්න පුලුවන්. ඉතින් අපි Email එක open කර ගමන් Virus එක අපේ com එකට එනවා.
computer එකට Virus  එන අනිත් ප්‍රධාන ක්‍රමය තමයි.pen drive / usb . අද වෙනකොට ඕන කෙනෙක් ගාව pen තියෙනවනේ. ඉතින් තවත් machine එකක තියෙන Virus  එකක් අනිත් machine එකට කෙලින්ම යන්න පුලුවන් මේ pan drive හරහා . ඉතින් හොදම දේ තමයි කොච්චර විශ්වාස කෙනෙක් ගේ pen එකක් වුනත් scan කරල ගන්න එක.ඒක කොකටත් ඇගට ගුනයි නේ.
Virus  යන්න තියෙන තවත් ක්‍රමයක් තමයි cd /dvd . ඒත් මේවායින් Virus  යන්නෙ cd/dvd එකට write කරපු file එකේ Virus  තිබුනොත් තමයි. ඒ කොහොම වුනත් ෂුවර් නැති DVD/CD open නොකර Scan කරල බලන එක කොකටත් ඇගට ගුනයි. මීලගට Virus  යන ප්‍රධාන ක්‍රමයක් තමයි crack / patch . සමහරු නම් මේ මොනවද කියලා දන්නෙ නැති ඇති. crack / patch කියන්නෙ අපි use කරන "Trial Software"   active  කරගන්න use කරන දෙයක් නේ. නමුත් බොහොවිට මේ crack / patch හරහා Virus එන්න ලොකු ඉඩකඩක් තියෙනවා. Virus හදනවා වගේම බොහොවිට මේ crack / patch හදනනේ Hackers ලා තමයි. බොහොදුරට මේ crack / patch හරහා malware එන්න තියෙන ඉඩ වැඩියි. දැන් බලයි මොනවද මේ malware කියන්නෙ කියලා. වචනෙට බයවෙන්න එපා malware කියන්නෙත් Virus වර්ගයක්. හැබයි විශේෂිත අරමුණකින් නිර්මණය කරපු Virus වර්ගයක්. malware ගැන පුලුල් දැනුමක් මේ ලිපි මාලාවෙන් ඔයාලට දෙන්න මම බලාපොරොත්තු වෙනවා. ඔයගේ PC එකට Virus එනන් පුලුවන් තවත් විදි ගොඩක් තියෙනවා. ඒ අතරින් Document Files (word, pdf) Floppy Disk වැදගත් වෙනවා.  ඒත් අද වෙනකොට Floppy Disk  යල්පැනලා ගිහිපු දෙයක් නේ.

දැන් නම් Type කොරල කොරල ඇගිලිත් රිදෙනවා. ලිපිය කියවලා බලලා හොද නම් comment එකකුත් දාලම යන්න. Virus ගැන ලියන ලිපි මාලාවේ වැදගත්ම ටික තියෙන්නෙ ඉස්සරහට. එක් වී සිටින්න Cyber ලොකේ අලුත්ම දැනුම සොයා යන Kathura Tech Zone සමග. එහෙන්ම් ලගදිම හමුවෙන බලාපොරොත්තුව ඇතුව මම කැපෙනවා, (කතුරා නේ hikz....)

1 comment:

  1. එල මචන් BLOGS ටික නම් .....වැඩේ මරු...දිගටම කරන් යන්න.....

    ReplyDelete

Tricks and Tips