blogger widgets

Sunday, August 3, 2014

අපි නොදන්න virus part 01



virus ගැන හැදින්වීමක්









කතුරගෙ අඩවිය තුලින් එකටම ඔයලට දෙන්න යන්නෙ ගොඩක් අය කතා කරන ඒත් හරියට දන්නෙ නැති පරිගනක virus ගැන තොරතුරු ටිකක්. සමහරු නම් දන්නවා ඇති. ඒත් හරියට දන්නෙ ටික දෙනයි. ඉතින් මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නෙ ඔයලා නොදන්න ඒත් ඔයලගේ PC එක ලෙඩ කරවන Computer Virus ගැන ඔයාල දැනුවත් කරන්න. virus ගැන ලියන්න හිතන් ඉන්න ලිපි මාලාවේ පලමු ලිපිය තමයි මේ.

ගොඩක් අය virus ගැන හරියට දන්නෙ නැති වුනාට ඇති තරම් Computer Virus වලට ගොදුරු වෙලා ඇති. සමහර විට මේ මොහොත වන විටත් ඔයාගේ පරිගනකය Computer Virus නිසා ලෙඩ වෙලා ඇති.

මුලින්ම virus ආසාදිත පරිගනකයක් හදුනා ගැනීම ඉතා වැදගත්. පහත ලක්ෂණ දක්නට ලැබෙන පරිගනකයක් අපිට virus ආසාදිත පරිගනකයක් ලෙස මූලික වශයෙන් හදුනාගන්න පුලුවන්.

* පරිගනකයේ සාමාන්ය speed එක අසාමාන්ය ලෙස අඩුවීම

* පරිගනකයේ දෘඩාංග වල ක්‍රියාකාරීතවය අසාමාන්ය ලෙස අඩුවීම.

* සමහර මෘදුකාංග නිසි පරිදි ක්‍රියා නොකිරීම

* පරිගනකය හදිසියේ Shut down , Restart වීම

* පරිගනකය භාවිතා කරන්නාගේ අනුදැනුමකින් තොරව Folders සහ Files නිර්මාණය වීම.

* පරිගනකය භාවිතා කරන්නාගේ අනුදැනුමකින් තොරව පරිගනකයේ තිබෙන Folders සහ Files පරිගනකයෙන් මැකී යාම.

* පරිගනකයේ වැඩසටහන් ක්‍රියාත්මක නොවන අවස්තා වල පවා Ram ක්‍රියාකාරිතවය විශාල ලෙස වැඩි වීම.

* පරිගනකයේ Hard Drive අසාමාන්ය ලෙස පිරීයාම.

* පරිගනකයේ Folder Option සහ Task Manager දර්ශනය නොවීම.

* පරිගනකයේ ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය ආශ්‍රිතව විවිධ ගැටලු වර්ධනය වීම.

* Folders සහ File shortcut බවට පත් වීම.

* පරිගනකයෙන් නිතර නිතර දොෂ පණිවිඩ නිකුත් වීම.

යන විවිධ ගැටලු පරිගනක virus ක්‍රියාකාරීතවය ආශ්‍රයෙන් හදුනා ගත හැකිය.

පරිගනක virus යනු යම්කිසි පුද්ගලයෙකුගේ නිර්මාණයක්. බොහොවිට මෙම virus නිර්මාණය කරනු ලබන්නෙ Hackers ලා Programmers ලා තමයි. නමුත් ඔබ දන්නවාද අපිට Virus Guard නිර්මාණය කරන Company වලින්ම තමයි මේ Virus නිර්මාණය කරන්නෙ. ඒක හරියට දොස්තර ලෙඩ හදනවා වගේ තමයි. :P
ගොඩක් අය හිතන් ඉන්නව සල්ලි දීලා virus guard එකක් දැම්මම Computer එක virus වලින් ආරක්ෂිතයි කියලා. ඒත් virus guard එකක් තිබ්බ පලියට Computer එක ආරක්ෂිත වෙන්නෙ නැ. ඒත් Computer එක pendrive,cd dvd,internet භාවිතා නොකර සිටිනවා නම් මේ කරදර කාරී virus වලින් බේරිලා ඉන්න පුලුවන්. ඒත් අද පවතින තාක්ෂණික පරිසරය තුල එහෙම ඉන්න අමාරුයි නේ. ඒත් හොද virus guard එකක් Use කරනවා නම් virus වලින් 90% තරම් බේරී ඉන්න පුලුවන්. හරි එහෙනම් virus ගැන මූලික දැනුමක් ලැබෙන්න ඇති කියල හිතනවා. මීලග ලිපි වලින් අපි බලමු මොනවද මේ virus වර්ග සහ කොහොමද මේ කරදරකාරී virus වලින් බේරෙන්නෙ කියලා. මොකද මම හිතනවා අපේ කට්ටියට වැදගත් වෙන්නෙ virus ගැන දැනගන්නවට වැඩිය virus වලින් බේරෙන විදිය නේ. Shortcut virus එක ගියත් Lap එකත් අරන් රට වටේ යන අයනේ ඉන්නේ. එකතු වී සිටින්න තාක්ශණයේ නව මං පෙත් සොයායන Kathura Tech Zone සමග. එහෙනම් කට්ටියටම ආයුබොවන් කියන ගමන් කතුරා සමුගන්නවා මීලග ලිපියෙන් හමුවන තුරු.

No comments:

Post a Comment

Tricks and Tips