blogger widgets

Sunday, August 3, 2014

අපි නොදන්න virus part 03

මොනවද මේ virus වර්ග


කශ්ටියටම ආයුබොවන් කියලා ප්‍රාර්ථනා කරන ගමන් Virus  ගැන අපි ලියපු ලිපි මාලාවේ තුන්වෙනි ලිපිය තමයි මේ ඉදිරිපත් කරන්නේ. ගොඩක් අයට නොතේරෙන Virus ගැන තේරෙන විදියට කියලා දෙන්න තමයි කතුරා ගේ බලාපොරොත්තුව. ගොඩක් අය තමන් දන්න දේ ගැන පොරටොක් දුන්නට ඇත්තටම බලන කොට දන්න මගුලක් නෑ. ඒත් වැඩකාරයෝ නිශ්ෂබ්දයි.
හරි හරි ඒවයින් වැඩක් නෑ . අපි අපේ මාතෘකාවට බහිමුකො. අපි දැන් කතා කර කර හිටියේ Virus කියන්නෙ මොනවද කොහොමද Virus එන්නේ මොනව හරහද කියලනේ. පලවෙනි ලිපිය බලපු නැති කට්ටිය මෙතනින් ගිහින් බලන්නකො, දෙවනි ලිපිය බලපු නැති කට්ටිය මෙතනින් ගිහින් බලන්න,
හරි එහෙනම් දැන් කතා කරන්න හදන්නෙ Virus වල වර්ග මොනවද කියලා. ඇත්තටම මේක ගොඩක් වටින මාතෘකාවක්. ඒත් ගොඩක් අය නොදන්න side එකක් තමයි මේක. ගොඩක් අය හිතන් ඉන්නෙ Virus කියන්නෙ තනි දෙයක් කියලනේ. ඒත් ඇත්ත තත්වේ එක නෙමෙයි. Virus වලත් විවිධ වර්ග තියෙනවා. මං පලවෙනි දෙවෙනි ලිපි වලින් කිව්වා වගේ Virus නිර්මානය කරන්නෙ ගොඩක් දුරට Hackers ලා නේ. ඉතින් මෙන්න මේ Hackers ලා  Virus  නිර්මාණය කරන්නෙ විවිධ අරමුණු වලට. ඒ කියන්නෙ ප්‍රදාන විදියට Virus  බෙදෙන්නෙ Virus  නිර්මානය කරන අරමුණ අනුව Virus  වර්ග වෙනවා, මං කිව්වා විධියට Virus  නිරමාණය කරන Hackers  ලා එයාලගේ අරමුණු වලට තමයි මේ Virus බොහොදුරට නිර්මානය කරන්නෙ. ඔව් ඉතින් හොරාගේ අරමුණ හොරකම් කිරීම වගෙ Hackers  ලගේ අරමුණ ඉතින් Hack කිරීම තමයි. දැන් ඉතින් Hackers   කිව්වටයි Hack කිව්වටයි බය වෙන්න එපා. Hacking ගැන වෙනමම ලිපි මාලාවක් ඉදිරිපත් කරන්න කතුරා බලපොරොත්තු වෙනවා. ඒක ඉතින් මේ බ්ලොග් එකට ඔයාලගේ තියෙන උනන්දුව මත තීරණය වෙන්නෙ. අපොයි තව පොඩ්ඩෙන් මතෘකාවෙන් පිට පනිනවා.ආපහු මාතෘකාවට එමුකො. අනිත් එක තමයි Virus වර්ග දැන ගන්න එක අපිට වැදගත් නෑ කියලා සමහරු හිතයි. ඒත් එදිනෙදා අපිට හම්බවෙන යාලුවා නේ මේ Virus . ඉතින් එයා ගැන ටිකක් වැඩිපුර දැනගෙන ඉන්න එක අපේ දැනුමටත් හොදයි, ඒ වගේම ඇගටත් ගුනයි. Hikz...
හරි ප්‍රදාන වශයෙන් Virus වර්ග කීපයක් හදුනා ගන්න පුලුවන්.
* Computer Virus
* Trojan
* Spyware
* Adware
 * Worme Virus
ඔන්න ඔය විදියට අපිට ප්‍රධාන Virus වර්ග හදුනාගන්න පුලුවන්. ඒත් මීට අමතරව තව විවිධ Virus වර්ග තියෙනවා. සමහර විට ඔයාගේ computer එකේ දකින්න ලැබෙන සමහර කුඩා කුඩා වැඩසටහන් Virus විධියට තමයි සැලකෙන්නෙ. උදාහරණ විදියට අපි පොඩි පොඩි වැඩවලට Use කරන ඒත් වැඩිය ගනන් ගන්නෙ නැති Note pad එක use කරලත් සමහර අය Virus  හදනවා. මෙහෙම හදන Virus අපිට  .vbs  .bat ෆයිල් විදියට තමයි දැකගන්න ලැබෙන්නෙ, Notepad වලින් හදන Virus වලින් ලොකු බලපෑමක් නෑ. හැබයි computer එක සදාකල් නිදි කරවන විදියෙ Virus  මේ පොඩි Notepad  එක Use කරලා හදාගන්න පුලුවන්. ඒවා ඉතින් දන්නො දනිති.   :p....

මේ ප්‍රධාන වර්ග වලට අමතවරව තවත් සමහරු මෙන්න මේ Virus  තවත් විදියකට වර්ග කරනවා. ඔන්න එහෙනම් එකත් බලලා ම ඉන්නකො, හැබැයි මේක ටිකක් යල් පැන ගිය වර්ගීකරනයක්.
* Email Virus
* Worms Virus
* Trojan Horses Virus
ඉතිහාස පොත් කියවපු අයට මේ Trojan ගැන පොඩි අදහසක් ඇති. මමත් හරියටම ඔය සැන්තෑසිය දන්නේ නෑ . මොකද කතුරට ලොකු ඉතිහාස දැනුමක් නෑ . ඒත් trojan අශ්වයගේ කතාව නම් ටිකක් දන්නවා. මං දන්නවා ඔයාලත් trojan අශ්වයගේ කතාව ටිකක් හරි දන්නවනේ. ඔන්න ඔයි ඉතිහාස ගත සිදුවීම වගේ තමයි මේ Trojan Horses Virus කියලා කියන්නේ. Trojan යුදධයේදි අනුගමනය කරපු උපක්‍රමම තමයි මේ Virus එකත් ඔවුන්ගේ ක්‍රියාකාරිත්වයට යොදාගන්නේ. පුදුමයි නේ , පුදුමයි ඒත් ඇත්තයි ඔයලා දන්නෙත් නෑ මේ  trojan අශ්වය ඔයාගේ PC එකට එනකම් ම. Hikz.......එහෙනම් දළ අදහසක් තියෙනවා නේ මේ Virus එක ගැන. ඔව් ඔව් මේ Virus එක එන්නෙ වෙස් වලාගෙන තමයි . භයානකයි නේ. :p එතකොට කවුද මේ Virus එක නිර්මාණය කරන්නේ ? . ඔව් ඔව් එකත් Hacker අයියලම තමයි හදන්නේ. ගොඩක් වෙලාවට මේ Virus එක එන්නෙ software crack අස්සේ ගහලා තමයි. crack එක open කර ගමන් බඩු වැඩ. දැන් ඉතින් අහන්න එපා මොනවද crack කියන්නෙ කියලා. ඒක ගැන ඉස්සෙල්ලා කියලා ඇති නේ , බැලු බැල්මට trojan කාරයා අවත් නෑ වගේ. ඒ වුනාට මෙයාගේ වැඩ ගැන දන්නො දනිති. මෙයාගෙ වැඩ නිශ්ෂබ්දව තමයි . (හරියට කතුරා වගේ . නෑ නෑ සද්ද නැතුව හිටිය කාලේ ඉවරයි) ඉස්සෙල්ලා කිව්වා නේ trojan කාරයා ආවත් නෑ වගේ කියලා . ඒත් Hacker අයියල මේවා devolope කරන්නේ කසනවට නෙමෙයි නේ . trojan ට පුලුවන් ඔයාගේ ඔක්කොම password/Email/Document/Bank Acount pass word වගේ දේවල් Hacker අයියල ට යවන්න . කොහොමද නිශ්ෂබ්දව හිටියට trojan කාරයාගේ වැඩ කිඩ නේ. දැන් අවදානම තෙරෙන්න ඇති නේ. ඔන්න ඕකයි trojan අයියගේ කතාව . හරියට CIA එකෙන් බැස්සා වගේ නේ . අපේ නම් ඉතින් Bank account password ගත්තට වැඩක් නෑ . මොකො ඒවයි සල්ලි නෑ නේ . ඕන් නම් Hacker අයියා කීයක් හරි දාලා යාවි :p

මං හිතනවා  trojan  ගැනත් නොතේරෙන අයටත් තෙරෙන්න ඇති කියලා . එහෙම උනා නම් ඒක තමා මගේ සතුට .
ඔයාලා දන්නවද ඔය computer viruse ගොඩක් ප්‍රචලිත වුනේ Email භාවිතා කරන එක වැඩි උනයින් පස්සෙ. ඒ කියන්නේ එකදාස් නමසීය අනූ ගන්න වලා . ඉස්සර ඉතින් email එකක් ලැබෙනවා කියන්නෙ බුදුඅම්මේ කොච්චර ලොකු දෙයක්ද. ඒත් දැන් දවසට කීයක් Email එනවද. ඇනයක් වෙලා නේ තියෙන්නේ දැන් .
ගොඩක් අයගේ දුර්මතයක් තියෙනවා virus එන්නේ windows පවුලේ OS වලට විතරයි කියලා . එහෙම වෙන්න නම් ඉතින් බිල් මාමා එක්ක virus හදන උදවිය ජන්මාන්තර තරහක් තියෙන්න එපයි . ඇත්ත කතාව තමයි මේ virus හදන උදවියගේ අවදානය නිතරම යොමු වෙන්නේ windows පවුලේ මෙහෙයුම් පද්ධති වලට . මොකද ලොකේ අති බහුතරයක් දෙනා Use කරන්නේ windows පවුලේ මෙහෙයුම් පද්ධති නේ. windows එක්ක බලනකොට අනිත් OS  use කරන්නේ ගොඩක් අඩුවෙන්. ඒක නිසා අනිත් OS වලට virus  හදන්න virus devolper's  ලා උනන්දු වෙන්නෙ නෑ . ඒක නිසා ඔය Obuntu වගේ තියෙන කොම්පීතරෙකට virus  පෙන් එකක් ගැහුවට ගානක්වත් නෑ . හැබැයි එහෙමයි කියලා virus  වලට බයේ OS එක මාරු කරන එක නම් මොඩ වැඩක් .
තවත් අපේ උදවියගේ තියෙන දුර්මතයක් තමයි computer එකේ එන හැම ලෙඩක්ම එන්නේ virus  නිසා කියලා . එත් එක හැම වෙලාවෙම එහෙම වෙන්නෙ නෑ . සමහර විට ඒක Machine එකේ Hardware අවුලක් හරි ප්‍රධාන මෙහෙයුම් පද්ධතියේ අවුලක් වෙන්න ඇති.  ඒක නිරපරාදේ අහිංසක virus  බනින්න එපා . (හොද අහිංසක නේද ?)
තවත් අවුලක් තමයි Machine එකට virus  එකක් ගියහම අපේ අය බය වෙනවා වැඩියි. සමහර අය virus  එකක් ගියහම උණ අරගෙන තොවිල් නටන්න වෙන size එකට බය වෙනවා. hikz... ඒ වුනාට virus  එකක් යන එක එච්චර ලොකු දෙයක් නෙමෙයි. ඒවට නිට්ටාවට ප්‍රතිකර්ම තියෙනවා. සමහරු හිතන් ඉනනවා virus  තියෙන Machine  එකකට අලුතෙන virus guard එකක් දාල Scan කරාම ඔක්කොම virus අයින් වෙනවා කියලා . ඒත් 100% virus අයින් වෙන්නෙ නෑ . ඒ නිසා එආ වගේ වෙලාවට C particion එක Format කරලා අලුත් virus guard එකක් දාලා අනිත් Particion scan  කරන එක තමයි හොදම දේ . හැබැයි ඉතින් Particion scan කරන්න ඉස්සෙල්ලා ඒ Particion open කරොත් සොරි ම තමයි.
ඔන්න එහෙනම් කුප්පිය ඉවරයි . මම දාපු 1 ,2 ලිපි බැලුවා නම් virus ගැන හොද දැනුමක් ලැබෙන්න ඇති කියලා මම හිතනවා . ඔයාලගේ දැනුමට මොනව හරි එකතු උනා නම් ඒක තමයි කතුරගේ සතුට . හො හො virus කුප්පිය තවම ඉවර නෑ . හොදම ටික 4 වෙනි ලිපියේ . ඒ virus වලින් බේරෙන විදිය ගැන . එහෙනම් type කොරල ඇගිලිත් රිදෙනවා . ලිපිය වැදගත් උනා නම් ලොභ නැතිව comment එකක් දාලා යන්න . රැදී සිටින්න සයිබර් ලොකේ අලුත් දැනුම සොයා යන Kathura Tech Zone සමග .

No comments:

Post a Comment

Tricks and Tips